බුදුන් වහන්සේට සහ අනෙකුත් ආගම්වලට අපහාස වන ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාවට ලක්ව සිටින ක්‍රිස්තියානි දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඒ සම්බන්ධයෙන් සමාව අයදින බව පැවසු පමණින් ඔහුට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ශන නැවැත්විය නොහැකි බව අද (22) පැවති මාධ්‍ය හමුවක දී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍යවරයා,
“කවුරු හරි වැරුද්දක් කරලා, සොරි කිව්වහම අපිට පරීක්ෂණ අත්හැරලා දාන්න බෑ. ඒක වෙලත් නෑ. වෙන්නෙත් නෑ මේකේ නෙමෙයි ඕන දෙයක. මේකේ වෙලා තියෙන්නේ CIDය මේක කරන්නේ. මේ සම්බන්ධයෙන් CIDයට නොයෙකුත් පැමිණිලි ලැබිලා තියෙනවා, ඔය ප්‍රකාශනය ගැන එතකොට ඔහුගේ තව දේවල් ගැන පැමිණිලි ලැබිලා තියෙනවා. ඒ සියලු දේ CIDයෙන් විභාග කරනවා. එතකොට උසාවියෙන් තමා විදේශ ගමන් තහනම ලබාදී තියෙන්නේ. ඉතින් එහෙම තියෙද්දි සාමාන්‍ය ක්‍රමය ඕනෑම පුද්ගලයෙක් ලංකාවට ආවහම එයාර්පෝට් එකට ආවහම එතැනින්ම ඔහුව CIDයට භාරදෙන්න. එතකොට CIDය පරීක්ෂණ කරලා, කටඋත්තර ලියලා ඔවුන් තීරණය කරයි මෙයාව ගෙදර යවනවා ද? උසාවි දානවද කියලා. ඒක CID වැඩක්.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...