Uncategorized

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එහි සාමාජික ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට සහය නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.

ජනක රත්නායක මහතා එම කොමිෂන් සභාවෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳව විවාදය ලබන 24 වැනිදා පැවැත්වීමට නියමිතය.

මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා,

“මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණා නොරෙච්චෝලේ බලාගාරය හැදුවාම සියයට 25 ක් විදුලි බිල අඩු කරනවා කියලා. ඒ අනුවයි එදා විදුලි බිල අඩුවුණේ. ඒත් බලාගාරයක් හදන්න තමන් මූලික වුණ පලියට විදුලි බිල අඩුකරනවා කියලා කවුරු හරි දේශපාලන නායකයෙක් කීවයි කියන්නේ ඒක හරියට ඡන්ද පොරොන්දුවක් වගේ. අන්තිමට වුණේ මොකක්ද? සියයට 25 ක් අඩු කරපු එක සියයට 75 ක් විතර වැඩිකරන්න වුණු එකයි. ඒකට මහජන උපයෝගිතා කොමිසම විරුද්ධ වුණා. ඔවුන් කීවේ මෙච්චර වැඩිකරන්න එපා කියලා. වැඩිකළ යුතු ගණනට අදාළ නිර්දේශ ඔවුන් දුන්නා. ඒත් අමාත්‍යවරයාට වුවමනා විදිහට සියයට 75 කින් විදුලි බිල වැඩිකළා. ආපහු සියයට 66 කින් වැඩිකළා. මේ සියල්ල උපයෝගිතා කොමිසමට පිටින් ගිය දේවල්. අ.පො.ස. උසස් පෙළ විභාග කාලේ විදුලිය කපන්න එපා කියලා කොමිසම කීවාම ඒක පිළිගත්තෙත් නෑ. ළමයි විභාගයට පාඩම් කළේ කුප්පි ලාම්පු එළියෙන්. ඒක මොන තරම් අසාධාරණයක්ද ?

දැන් ඇමති සියයට තුනකින් විදුලි බිල අඩුකරන්න හදනවා. ඒත් සියයට 30 කින් අඩුකරන්න පුළුවන් කියලා උපයෝගිතා කොමිසම කියනවා. මේ ඇමති ලංකාවෙ දුප්පත් මිනිස්සුන්ගේ විදුලි බිල සියයට 250 කින් වැඩිකළා. ඒ එයාගෙ තනි තීන්දු. දැන් ඒක බේරගන්න කටයුතු කළ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාව එළවන්න හදනවා. ඒක හරියට ශිරාණි බණ්ඩාරනායක පාර්ලිමේන්තුවට ගෙනත් ශ්‍රේඨාධිකරණය එලෙව්වා වගේ. අපි මේකට විරුද්ධයි. ඔහු ජනතාවගේ යහපතට තීන්දු ගන්න නිසයි මේ ආණ්ඩුව ඔහුව එළවන්න හදන්නේ.

අපි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් අහනවා, මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ බඩට ගහන යෝජනා එපා කියන මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාව තනතුරෙන් ඉවත් කරන්න ඔබ ඡන්දය දෙනවාද .

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගෙන් ඇත්තටම මේ රටේ මිනිස්සුන්ට ආදරේ කරන්නේ කවුද- වෛර කරන්නේ කවුද කියලා 24 වැනිදා රටේ ජනතාවට බලාගන්න පුළුවන්.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More