සියලු ආගම්වලට අදාළ ආගමික විෂය නිර්දේශය සංශෝධනය කර එහි අත්හදා බැලීම් ලබන වසරේදී සිදුකිරීමට අවධානය යොමුව ඇතිබව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙහිදී පාසලේ ආගමික විෂය ධාරාවට න්‍යායාත්මක කොටස ඇතුළත් කිරීමට නියමිත අතර, ප්‍රායෝගික කොටස දහම් පාසල් විෂය ධාරාවට එකතු කිරීමට නියමිතය.
අදාළ සංශෝධන ලබන 2030 වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුල්වරට හඳුන්වාදීමටද නියමිතයි.
මෙහිදී සාමාන්‍ය පෙළ විභාගයේදී ආගමික විෂයට ලකුණු ලබාදීමේදී 60%ක් පාසල් අධ්‍යාපනය තුළ ආවරණය වන න්‍යායාත්මක කරුණු තුළින්ද, 40%ක් දහම් පාසල් අධ්‍යාපනය තුළින් ලැබෙන ප්‍රායෝගික අධ්‍යාපනයට අදාළ කරුණු ආවරණය වන පරිදි ලකුණු ලබාදීමට නියමිත බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...