ආණ්ඩුවේ කැබිනට් සහ රාජ්‍ය ඇමති ධූර දරන , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් වැඩිදෙනකු බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ මූලස්ථානයට යාම කර අරිමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇතැමුන් ආණ්ඩුවේ තනතුරු ලබා ගැනීමෙන් පසුව, මුල් කාලයේ දවස් දෙක තුනක් පක්ෂ මුලස්ථානයට ගිය ද පසුව ගොස් නැති බවත්, තවත් පිරිසක් තනතුරු ලබා ගැනීමෙන් පසුව කිසිම දවසක පක්ෂ මූලස්ථානයට ගොස් නැති බවත් පැවසේ.
මින් වැඩි දෙනෙකු පොහොට්ටුවේ දේශපාලන කටයුතුවලින් ඈත්ව සිටින අතර ,ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ වැඩි සම්බන්ධතාවක් පවත්වමින් සිටින බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...