විදෙස්ගතවූ තමන් අද (21) යළි දිවයිනට පැමිණෙන බව, ජෙරම් ප්‍රනාන්දු නම් දේවගැතිවරයා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ.
මේ පිළිබඳව පොලීසිය පවසන්නේ, ඔහු දිවයිනට පැමිණීමේදී අධිකරණ නියෝග මත අත්අඩංගුවට ගැනීමට නියමිත බවය.
ජෙරම් ප්‍රනාන්දු නම් දේවගැතිවරයා සිදුකළ ප්‍රකාශයකට අදාළ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කරමිනි.
ඔහු එහිදී කළ ප්‍රකාශවලින් බුදුන් වහන්සේට මෙන්ම තවත් ආගමික විශ්වාසයන්ට නිගරු වන ආකාරයේ දැඩි දෝෂාරෝපණ එල්ල කර තිබිණි.
දේවගැති ජෙරම්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම්ද ගොනුකෙරුණි.
එවන් පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 16 වනදා දේවගැති ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් විදේශ ගමන් තහනමක් ලබාගත් අතර, මුදල් විශුද්ධිකරණය යටතේ විමර්ශනයක් සිදුකිරීමට ද නියමිතය.
කෙසේවෙතත් දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඊට දින දෙකකට පෙර සිය බිරිඳ සහ දියණියන් දෙදෙනා ද සමඟින් දිවයිනෙන් පිටව ගොස් තිබුණි.
දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිය ගුරුවරයා සහ අධ්‍යාත්මික ශාස්තෘවරයා ලෙස හඳුන්වන සිම්බාබ්වේ දේශයේ ඌබට් ඒන්ජල් නමැති දේවගැතිවරයා ජාත්‍යාන්තර රන් ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ තැනැත්තෙකු බව අල්-ජසීරා රූපවාහිනිය ද වාර්තා කර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...