පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්‍ෂනායක ධුරය ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 70 දෙනෙකුගේ අත්සන් සහිතව ලබන සතියේදී කථානායකවරයාට ලිපියක් බාරදීමට ඒකාබද්ධ විපක්‍ෂය සැලසුම් කර තිබේ.
දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂනායක ධුරයට පත්කිරීමට විපක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් තීරණය කර තිබෙන බැවින් කථානායක කරු ජයසූරිය මහතාට තීරණයක් ගැනීමට සිදුවන බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් පැවසීය.
වර්තමානයේදී පාර්ලිමේන්තුවේ නියම විරුද්ධ පක්‍ෂය ලෙසත්,ජනතාව පිළිගන්නා විපක්ෂය ලෙසත් ඒකාබද්ධ විපක්‍ෂය කටයුතු කරන බවත්, රටේ ජනතාව සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් ආර්. සම්බන්ධන් මහතා විපක්‍ෂනායකවරයා ලෙස පිළිගැනීමට සූදානම් නැති බවත් එම මන්ත්‍රීවරයා පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...