දේශීය පුවත්

උතුරු මැද පළාත් ආණ්ඩුකාර සිය බලතල නිති විරෝධි ආකාරයට භාවිතා කරමින් බිරිද නමින් අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාතේ කටුකැලියාව ග්‍රාම නිලධාරි වසමෙන් පර්චස් 20 ක නේවාසික ඉඩමක් හා පර්චස් 60 ක කෘෂි ඉඩමක් ලබා ගැනිමට විරුද්ධව අධිකරණය හමුවට යන බව අපි පුරවැසියෝ සංවිධානයේ කැදවුම්කරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කටුකැලියාව ග්‍රාම නිලධාරි තුලානේ ගල්කඩවල,මහිලා මාවතේ පිහිටි පර්චස් 60 ක කෘෂිකර්ම ඉඩම සහ පර්චස් 20 ක නේවාසික ඉඩම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතාගේ බිරිද වන අජන්තා රූපසාරි මහත්මියට දිර්ඝ කාලීන බදුපදනම මත ලබාදිමට මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම්වරයා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මේ බව පැවසිය.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර,මධ්‍යම නුවරගම් පළාත ප්‍රදේශිය ලේකම් ආර්.එම්.ජි.සේනාරත්න මහතා ගෙන් සිදුකළ විමසුමේදි ප්‍රාදේශිය ලේකම්වරයා මෙසේ පැවසිය.

‘පසුගිය කාලයේ මධ්‍යම නුවරගම් පළාතේ ඉඩම් කච්චේරියක් තිබුණා. එම ඉඩම් කච්චේරියට මගේ මතකයේ විදියට තුන්සියකට අධික පිරිසක් සහභාගි වුණා. මේ කියන ඉඩමටත් කාන්තාවක් බලපත්‍ර ලබාදෙන ලෙස ඉල්ලා ඉඩම් කච්චේරියට ඉල්ලිමක් කොට තිබුණා. පසුව තමයි ඇය ආණ්ඩුකාරවරයාගේ බිරිද බවට හදුනා ගත්තේ’.

‘යම් කිසි පුද්ගලයකු දිර්ඝ කාලයක් තිස්සේ සංවර්ධනය කළ මෙම ඉඩම් කොටස් දෙක නිත්‍යානු කුල නොවන ආකරයට ආණ්ඩුකාර තුමාගේ මහත්මියට විකුනා තිබෙනවා. ඒ සදහා බලපත්‍රයක් ඉල්ලා තමයි ඉඩම් කච්චේරියට ඇවිත් තිබෙන්නේ. කිසියම් පුද්ගලයකු රජයේ ඉඩමක් සංවර්ධනය කරලා තියෙනවා නම් ඉඩම් කච්චේරියට පැමිණ ඒ සදහා බලපත්‍රයක් ඉල්ලා සිටනවා නම් රජයේ එම ඉඩම බදු දෙන්න පුලුවන්.’

‘ආණ්ඩුකාරවරයකුගේ කෙනෙකුට රජයේ ඉඩමක් බදු දෙන්න බැහැ කියලා තියෙනවා නම් එතන පොඩි පටලැවිල්ලක් තියෙන්න පුලුවන්. මම දන්න තරමින් නම් එහෙම නිතියක් නැහැ. බදු ගොණුව හදාගන්නත් ආදාල බදු මුදල් රජයට අයකර ගෙන එම ඉඩම් කොටස් දෙක ආණ්ඩුකාරවරයාගේ බිරිදට දිර්ඝ කාලින බදුපදනම ලබාදෙන්නත් ඉඩම් කච්චේරියෙන් අනුමත කොට තිබෙනවා’. මේ සදහා පළාත් ඉඩම් කොමසාරිස්ගේද අනුමැතිය ලැබි තිබෙනවා යැයිද ප්‍රාදේශිය ලේකම්වරයා මෙහිදි පැවසිය.

(ලංකාදීප)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More