2023 වසරේ මේ දක්වා (ජනවාරි 01 වැනිදා සිට මැයි 19 වැනිදා දක්වා) කාලයේ දී මෙරටින් වාර්තාවන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තිස්පන්දහස් හැත්තෑ පහක් (35,075) දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පවසයි.
මෙම කාලය තුළ ඩෙංගු මරණ 22 ක් වාර්තාවන බවත්, ඉන් මරණ පහක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත් ඔහු පවසයි.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 7348 දෙනෙකු ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් 7904 දෙනෙකු ද වාර්තා වන බව ද හෙතෙම සඳහන් කරයි.
මේ වනවිට දිනකට ඩෙංගු රෝගීන් 400 දෙනෙකු පමණ වාර්තාවන බව ද ඒ මහතා වැඩිදුරටත් පවසයි.
මෙම තත්ත්වය තුළ දිවයිනේ සෑම රැකියා ආයතනයක්ම සිකුරාදා දිනයේ පැය 2 ක් පිරිසිදු කර ගැනීමට කාලය වෙන්කරවා ගන්නැයි ඒ මහතා සියලු ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් ද කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...