දේශීය පුවත්

දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට අයත් වත්කම් හා දේපළ උපයාගත් ආකාරය පිළිබඳව සෙවීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙම දේවගැතිවරයා දේශන පවත්වන කටුනායක වේයන්ගොඩ පාරේ මිනරල් ඩෝම් නමැති ආගමික මධ්‍යස්ථානය සඳහා මුළු තක්සේරු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 9ක් පමණ බවට වාර්තා වී තිබේ. අක්කර 4ක් වූ මෙම ගොඩනැගිල්ල පිහිටි භූමිය එම සභාවේ සාමාජිකත්වය හිමි ව්‍යාපාරිකයකු හා ඔහුගේ බිරිඳ විසින් ලබාදී ඇති බවද සඳහන් ය.

තවද ගල්කිස්සේ හා හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ මිල අධිකම නිවාස 12ක් දේවගැතිවරයාගේ පවුලේ අයගේ නමින් මිලදී ගෙන ඇති බවත්, දේවස්ථානය ඉදිකිරීමේදී එයට යොදාගත් ගලක් ද ලක්‍ෂ පහකට විකුණා ඇති බවත් හෙළිවී තිබේ.

මෙම ආයතනය වෙත ලැබෙන මුදල් උන්ඩියල් ක්‍රමයට ඩුබායි, කටාර් හා එංගලන්තයේ ඇති ගිණුම්වල තැන්පත් කර ඇති බව ද විමර්ශනවලදී හෙළිවී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More