උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරු ඉවත් කිරීමට අදාළව ජනාධිපතිවරයාට මෙතෙක් කිසිදු ජනාධිපතිවරයකු නොකළ ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන්නේ බෙදුම්වාදීන්ගේ බලපෑමට යටත් වීම නිසා බවත්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සෙන්දිල් තොණ්ඩමන් පත් කිරීම යනු ගෝපාල් බග්ලේ ආණ්ඩුකාර ධූරයට පත් කිරීම වැනි ක්‍රියාවක් බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ලංකා ලීඩ් වෙත කළ ප්‍රකාශය සත්‍ය බව මේ වන විට සනාථ වී තිබේ.
සෙන්දිල් තොන්ඩමන් මහතා ආණ්ඩුකාරවරයා ලෙස වැඩ බාරගත් වහාම, ප්‍රථමයෙන්ම හමුවී ඇත්තේ මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ය. ඔවුන් දෙදෙනා අතර පවතින සමීප සබඳතාව හෙළිකරන ඡායාරූපයක් ද මේ වන විට සමාජ මාධ්‍ය වෙත නිකුත්වී තිබේ.
සෙන්දිල් තොන්ඩමන් මහතා එම ඡායාරූපයත් සමග සටහනක් තබමින් පවසා ඇත්තේ “නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු ප්‍රථමයෙන්ම ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගේ නිවසේ දී ඔහුව මුණගැසීම ඉමහත් සතුටකි. අප අතර ඇති ශක්තිමත් ද්වීපාර්ශ්වීය සබඳතාව ඉදිරියට ගෙනයාමට මෙය අවස්ථාවක් කර ගන්නවා “ යන්නය.
අදාළ ඡායාරූප සටහන හා ප්‍රවෘත්තිය පහළින්…


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...