දේශීය පුවත්

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම නියාමනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අන්තර්ජාල හරහා යම් භාණ්ඩයක් සම්බන්ධයෙන් වෙළෙඳ ප්‍රචාරණය සිදුකරන විට නොමඟ යවනසුළු කටයුතුවල නිරත නොවිය යුතු අතර භාණ්ඩයේ සත්‍ය ගැණුම් මිල අන්තර්ජාලය ඔස්සේ ප්‍රදර්ශනය කර ඇති මිල බවට සහතික වියයුතු බව ගැසට් නිවේදනයේ සඳහන් ය.

පාරිභෝගිකයින්ගේ ඇගයීම් හා සමාලෝචන සම්බන්ධයෙන් අසත්‍ය ඇගයීම් ප්‍රකාශයට පත් නොකළ යුතු අතර සමාලෝචන යොමු කිරීමට කුලී පදනම මත තෙවන පාර්ශ්වයක් යොදා නොගත යුතු බවද එහි සඳහන් ය.

අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කර ප්‍රවාහනයේදී සියලු තොරතුරු ඇතුළත් කුවිතාන්සියක් පාරිභෝකයා වෙත නිකුත් කළ යුතු බවත් පාරිභෝගික අධිකාරිය පවසයි.

පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගන්නා බවයි පාරිභෝගික අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා එම නිවේදනය මගින් පවසන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More