මැයි 18 වන දා කිසිදා අමතක නොවන දවසක් බවත්, මීට වසර 14 කට පෙර මැයි 18 වැනි දා වීරෝධාර රණවිරුවන් එල්.ටී.ටී.ඊ ත්රස්තවාදී සංවිධානය පරාජය කර රටට නිදහස ලබාදුන් බවත්, එවකට ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතා, ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා හා ත්රිවිධ හමුදාවේ ප්රධානීන් ලෙස කටයුතු කළ සරත් ෆොන්සේකා, වසන්ත කරන්නාගොඩ, රොෂාන් ගුණතිලක යන ප්රධානීන් මෙන්ම වීරෝධාර රණවිරුවන් කෘතවේදීව සිහිපත් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.
රූපවාහිනී සංවාදයකට එක් වෙමින් මුසම්මිල් මහතා පවසන්නේ, මෙම ලැබූ සාමය වඩාත් හොඳින් දැනෙන්නේ ත්රස්තවාදීන්ගේ ග්රහණයේ සිටි උතුරු හා නැගෙනහිර දෙපළාතේ ජනතාවට බවයි.
එදා උතුරේ දේශපාලන පක්ෂවලට විකල්ප දේශපාලන අදහස් දැරීමේ අයිතිය පවා එල්.ටී.ටී.ඊ ය නැතිකර තිබූ බවත්, අද කෑ ගසන දෙමළ ජාතික සන්ධානය එදා සිටියේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්රණ ඇපකරුවන් ලෙස බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්ය...
අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජනප්රිය රංගන ශිල්පී උද්දික ප්රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්රී ලංකාවට එවීමට...