80 දශකය තුළ කතා බවට ලක්වූ ගෝලීය ලෝකය යන සංකල්පය 90 දශකයේ දී ගොඩ නැගී මේ වන විට බිඳවැටී පශ්චාත් සුපිරි ගෝලීය රාජ්‍යක් නිර්මාණය වෙමින් පවතින වාතාවරණයක් තුළ චීනය, රුසියාව හා ඉන්දියාව කාර්මීකරණය හරහා මෙන්ම මූල්‍ය උපාය මාර්ග හරහා එහි ආධිපත්‍ය රඳවාගෙන සිටින බවත්, යුරේසියාව නමින් හඳුන්වන මෙම කලාපයේ නැගීසිටීමත් සමගම අමෙරිකානු ආධිපත්‍ය බිඳවැටෙමින් පවතින බවත් මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පවසයි.
ලෝකයේ උපායමාර්ගික සම්පත්වලින් සියයට 25ක් මේ වන විට ඇත්තේ යුරේසියාවේ බව ද, අමෙරිකාවේ බිඳවැටීම මත අමෙරිකාව ශ්‍රී ලංකා රාජ්‍ය වෙත කරන බලපෑම තීව්ර වී ඇත්තේ මෙම භූ දේශපාලනික පසුබිම මත බවද ඒ මහතා පෙන්වා දෙයි.
වර්තමානයේ අමෙරිකාව විසින් චීනයෙන්, රුසියාවෙන් ශ්‍රී ලංකාව ගැලවීමේ මෙහෙයුමක් ආරම්භකර ඇති තත්ත්වයක් මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙම අමෙරිකානු හා අමෙරිකානු ගැති දේශීය, විදේශීය නියෝජිතයන් බොහෝ ප්‍රමාණයක් උපදෙස් ලබාදෙමින් සිටින වාතාවරණයක් නිර්මාණය වී ඇති බවත් ටියුඩර් වීරසිංහ මහතා පවසයි.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...