දේශීය පුවත්

බුදු රජාණන් වහන්සේට සහ බුදු දහමට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කළ බව කියන දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ලබන 21 දින ඔහුගේ මුලස්ථානයේ අනුගාමිකයන්ගේ ඒකරාශි කරගනිමින් පැවැත්වීමට නියමිත රැස්වීමට එරෙහිව තහනම් නියෝගයක් ලබා ගන්නා ලෙසට ඉල්ලමින් පිවිතුරු හෙළ උරුමය පක්ෂය ඊයේ (18) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ ප්‍රචාරක ලේකම් ඉරංග විද්වත් මෙන්ඩිස් මහතා නීතිඥවරයකු සමග පැමිණ මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය.

පවුල් පිටින් මෙම රැස්වීමට සහභාගි වන ලෙසට දේවගැතිවරයා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම මගින් ඉල්ලා ඇති බවද පිවිතුරු හෙළි උරුමය කළ පැමිණිල්ලේ සඳහන් වේ.

21 වන දින පවුල් පිටින් ඔහුගේ මුලස්ථානය වෙත පැමිණ දේව මෙහෙයක් ලෙසින් ඔහු විසින් හදුන්වන රැස්වීමක මගින් ඇතිවිය හැකි ගැටුම්කාරී තත්වයන් වලක්වා ගැනීම සදහා මෙම අධිකරණ තහනම් නියෝගය ලබා ගන්නා ලෙසට ද එම ලිපිය මගින් ඉල්ලා සිටියේය.

ජාතීන් හා ආගම් අතර ගැටුම් ඇතිවීමට තුඩු දෙන ආකාරයේ ප්‍රකාශ කරනු ලබන ජෙරම් ප්‍රනාන්දු නැමැති මෙම දේවගැතිවරයා සහ ඔහුගේ මෙම වෛරී හැසිරීම අනුමත කරමින් ඔහුට ආධාර අනුබල ලබා දෙන ඔහුගේ අනුගාමිකයන් එක්ව නැවත වතාවක් මෙවැනි රැස්වීමක් පැවැත්වීම නිසා සාමය ආගමික සංහිදියාව අගයන මෙවැනි ක්‍රියා හෙළා දකින මෙරට ජනතාව අනතර දැඩි නොසන්සුන් කාරී තත්වයක් ඇති විය හැකි බවද පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත.

දේවගැති ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව මුදල් විශුද්ධි කරණය යටතේද පරීක්ෂණ ක්‍රියාත්මක විය යුතු බවට ද ඔවුන් ඉල්ලා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More