යුද ගැටුම් අතරතුර මියගිය එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සිහිපත් කරමින් සැමරුමක් පැවැත්වීමට යාමේදී අද පාර්ශ්ව දෙකක් අතර කොළඹදී නොසන්සුන්තාවයක් ඇතිවිය.
සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් අද පෙරවරුවේ බොරැල්ල පොදු සුසාන භුමිය ඉදිරිපිට මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සිහිපත් කරමින් සැමරුමක් සංවිධානය කර තිබුණි. එම අවස්ථාවට අතුරුදන් වූ බව කියන ප්‍රදීප් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ද එක්ව සිටියාය.
එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් ඊට විරෝධය පෑමත් සමග එම ස්ථානයේ නොසන්සුන්තාවක් ඇතිවිය.
කෙසේ වෙතත් පැමිණි පිරිස එම ස්ථානයේදී පහන් දල්වමින් මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සිහිපත් කිරීම සිදුකරනු ලැබීය.
පසුව පොලිසීයේ මැදිහත්වීමෙන් දෙපාර්ශ්වය විසුරුවා හැරීමට පියවර ගෙන තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...