මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය තමන්ට නැති බලයක් මවාගනිමින් දිගින් දිගටම කටයුතු කරමින් සිටින බවත්, එහි සාමාජික කොමසාරිස්වරු මේ පිළිබඳව ජනාධිපතිවරයාට පවා දැනුම් දී තිබුන ද මේ වන තෙක් ඒ පිළිබඳව සාකච්ඡාවක් පවා ලබාදී නොමැති බවත් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ ආරංචි මාර්ග පවසයි .
මීට පෙර සතියකට වතාවක් රැස්වූ මානව හිමිකම් කොමිසම අද රැස්වන්නේ මාසයකට පමණක් බවද, එම රැස්වීමේ දී ගනුලබන තීරණ ද සභාපතිනියගේ තනි කැමැත්ත මත වෙනස් කරනු ලබන බවද එම ආරංචි මාර්ග පවසයි .
සභාපතිනියට අනීතිකව සහාය ලබාදෙන පුද්ගලයකු වන විරංජන් ඩයස් නමැත්තා 2018 වසරේ දී මානව හිමිකම් කොමිසම තුළ නීතිවිරෝධී හා විනය විරෝධී කටයුතු රැසක් කිරීම නිසා බදුල්ලට ස්ථාන මාරුකළ පුද්ගලයකු බවද වාර්තාවේ.
පසුව අභියාචනාවක් මගින් අදාළ පුද්ගලයා නුවරඑළියට ස්ථාන මාරුව වෙනස් කරගනිමින් පසුව සභාපතිනියගේ උපකාරයෙන් නුවරට ස්ථාන මාරුවක් ලබාගෙන ඇති බවත්, මෙම පුද්ගලයා සෑම කොමිසමකින්ම චෝදනා ලැබූ පුද්ගලයකු බවත් එම ආරංචි මාර්ග පවසයි .
අද දිනයේ සභාපතිනිය විසින් මුළු කාර්යාලයේම සේවක කණ්ඩායම් කොළඹට කැඳවා බලහත්කාරයෙන් මෙම පුද්ගලයාව එම ස්ථානයේ ප්‍රධානියා බවට පත්කිරීමට උත්සාහ දැරූ බවද, දැනට සිටින ප්‍රධානියාට මෙහි දී සභාපතිනිය තර්ජනය කළ බවද වැඩිදුරටත් එම ආරංචි මාර්ග පවසයි.
ඇගේ මෙම ක්‍රියාකලාපය හරහා මානව හිමිකම් උල්ලංඝනය වනවා පමණක් නොව පරිපාලන නීති පවා උල්ලංඝනය වන බවත් ඇගේ මෙම ක්‍රියාවන් රටම දැනගත යුතු බවත් සේවකයෝ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...