භාණ්ඩාගාර නිලධාරීන් විසින් රාජ්‍ය අදායම අහිමි කරමින් මහා සමාගම්වලට බදු සහන ලබාදෙමින් එම සමාගම්වලින් කොමිස් ගැරීමේ ජාවාරමක නිරත වන බවට පැමිණිල්ලක් ජාතික සංවිධාන විසින් අද(18) අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කර තිබේ.
ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් ආචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, වෛද්‍ය සුමිත් වන්නිආරච්ච සහ නීතිඳ මධුමාලි අල්විස් යන මහත්ම මහත්මින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසුවේ රටේ අර්බුදයක් ඇති අවස්ථාවේ දී මහා සමාගම්වලට බදු සහන ලබාදෙමින් භාණ්ඩාගාර නිලධාරීන් කොමිස් ගැසීමේ කර්මාන්තයක් නිර්මාණය කරගෙන ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ බවත්ය.
මීට පෙර සීනි බදු වංචාව හා බැඳුම්කර වංචාව සම්බන්ධයෙන්ද මෙවැනිම පැමිණිලි ඉදිරිපත් කළ බවද, මෙම මහා පරිමාණ වංචාව සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් ආරම්භ වනු ඇතැයි විශ්වාස කරන බව ද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වූ ඒ මහතා,
“භාණ්ඩාගාරයේ වෙළෙඳ සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව මහා සමාගම්වලට වැට් බදු සහන දෙනවා. මේ නිසා මේ වන විට මිලියන 500ක් පමණ රාජ්‍ය අදායම අහිමි වෙලා තියෙනවා. මේ අය මහා සමාගම්වලට අයුතු විදිහට බදු සහන අරන් දෙනවා තමන්ගේ නිලධාරීන්ගේ අධිකාරී බලය පාවිච්චි කරලා. ඉන්පසු ඔවුන් එම සමාගම්වලින් කොමිස් ලබාගන්නවා.
දේශපාලනඥයන්ට බණිනවා, 225 ටම බණිනවා අපේ රටේ මිනිස්සු. හැබැයි මේ නිලධාරීන් කරන වංචා ගැන සමාජය දන්නේ නැහැ. සමහර විට නිලධාරින් කරන වංචා මගින් දේශපාලන අධිකාරියට කොටසක් යනවා වෙන්න පුලුවන්. අපි සියඹලාපිටිය මහත්තයට කියනවා, මේකෙන් ඔබටත් කොටසක් යන්නෙ නැහැ කියලා සමාජයට පෙන්වන්න ඕනෙ නම් වහාම මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න කියලා”
මෙම අවස්ථාවට සහභාගිවූ ගුණදාස අමරසේකර මහතා, සුමිත් වන්නි ආරච්චි මහතා මෙන්ම මධුමාලි අල්විස් මහත්මිය ද මේ පිළිබඳව අදහස් දක්වනු ලැබීය.
වීඩියෝව නරඹන්න…





ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...