යළිත් හිස ඔසවමින් ඇති කොවිඩ් වසංගතය හේතුවෙන්, ඉකුත් දින 20ක පමණ කාලය තුළ කොවිඩ් රෝගීන් 16 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අප්‍රේල් මස 27 වැනි දින කොවිඩ් මරණයක්, එම මස 23 වැනි දින මරණයක්, මැයි මස 01 වැනි දින එක් මරණයක් සහ මැයි මස 5 වැනි දින තවත් කොවිඩ් මරණ තුනක් ආදී වශයෙන් වාර්තා වී ඇති බව ද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මේ අතර ඉකුත් 8 වැනි දින සහ 9 වැනි දින මරණ එක බැගින් ද, ඉකුත් 11 වැනි දින තවත් මරණ දෙකක් ද වාර්තා වූ අතර, 12 වැනි දින මරණ දෙකක් සහ 14 වැනි දින තවත් මරණයක් ආදී වශයෙන් වාර්තා වූ බව ද වසංගත රෝග විද්‍යා අංශය කියයි.
මේ අතර මේ වසරේ ගෙවී ගිය කාලය තුළ මෙරටින් කොවිඩ් රෝගීන් 672,304 දෙනකු හමුවූ බව ද වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත වාර්තා පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...