දේශීය පුවත්

බෞද්ධාගම ඇතුළු ආගම් වලට අපහාස කිරීම යටතේ චෝදනා එල්ලවී ඇති දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් මුල්‍ය විශුද්ධිකරණය යටතේ විමර්ශනයක් පැවැත්වීමට පොලිසියේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

ජෙරොම් ප්‍රනාන්දු සතු අති විශාල වත්කම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි මත මෙම විමර්ශන ආරම්භ කිරීමට නියමිත බවත්, එහිදී එම වත්කම් උපයාගත් ආකාරය පිළිබඳව සොයා බැලීමට නියමිතව ඇති බවත් පැවසේ.

මොහු තම අනුගාමිකයන්ට දේශන පැවැත්වීමට යොදා ගන්නා කටුනායක ගුවන්තොටුපල ආසන්නයේ පිහිටි සුවිශාල ගොඩනැගිලි ගැන ද පොලිසියේ අවධානය යොමුව ඇති බව ද වාර්තා වේ.

මේ අතර, ජෙරොම් ප්‍රනාන්දු කටුනායක ගුවන්තොටුපලෙන් මෙරටට ඇතිළුවන අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා සඳහන් කරයි.

ඔහු රටින් පිටව ගොස් සිටියදී විදෙස් ගමන් තහනම් වාරණ නියෝගයක් නිකුත් කර ඇතත් එම වාරණ නියෝගය ලැබුණු පසු රටින් පිට වීම සේම රටට ඇතුළුවීමද තහනම් බවත් හෙතෙම පවසයි.

ඒ අනුව මෙරට ඇතුළු වන අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළේ දී ඔහු අත්අඩංගුවට ගන්නා බවත්, යම් හෙයකින් ඔහු ශ්‍රී ලංකාවට නොපැමිණ සිටියොත් එම තත්වයට අදාළව ජාත්‍යන්තර නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කරයි.

‘පාස්ටර් ජෙරොම් රටින් පිටත් වෙලා තියෙනවා පසුගිය ඉරිදා දිනයේදී. ඔහු විදේශගත වුණු බවට වාර්තා වෙලා තියෙනවා. නමුත් විදේශ ගමන් තහනම අපි ලබා ගන්නේ 16 වැනිදායි. ඒ කියන්නේ සංචාරක ගමන් තහනමක් ලබා ගත්තම ඒ රටෙන් පිට වෙන්නත් බෑ. ඒ වගේම රටට ඇතුළු වෙන්නත් බෑ. ඒ අවස්ථා දෙකේදීම අත්අඩංගුවට පත්වීමක් සිදුවෙනවා’



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More