දේශීය පුවත්

යාපනය, කන්කසන්තුරේ තිස්ස විහාරය උතුරේ අන්තවාදීන්ගෙන් බේරාගැනීම වෙනුවෙන් යාපනයේ සිවිල් සමාජ කේන්ද්‍රය හා තවත් සංවිධාන කිහිපයක් විසින් යාපනය සිවිල් ජනතාව ඒකාරාශීකර ගනිමින් සිදුකළ පා ගමනට බරපතළ පහර ගැසීමක් යාපනයේ එක්තරා දෙමළ පුවත්පතක් සිදුකර ඇති බවත්, එම පුවත්පතේ හිමිකරුවා වන්නේ දෙමළ ජාතික සන්ධානයේ දේශපාලකයකු බවත් අරුන් සිද්ධාර්ථ මහතා පවසයි.

මෙම බෞද්ධ විහාරය බේරාගැනීම වෙනුවෙන් දෙමළ ජනතාව පාගමන ගොස් ඇත්තේ බත්පැකට්ටුවට බව දක්වමින් ජනතාවට අපහාස කර ඇති මෙම පුවත්පතේ මුල් පිටුවේම දකුණේ වෙළෙඳ දැන්වීම් පළකරන බවත්, බෞද්ධයන්ට හා සිංහල ජාතියට අපහාස කරන මෙවැනි පුවත්පත් නඩත්තු වන්නේ දකුණේ සිංහල බෞද්ධයන්ගේ හා ජාතිවාදී, ආගම්වාදී අදහස් නැති ආයතනවලින් ලබා දෙන වෙළෙඳ දැන්වීම් වලින් බවත් සිද්ධාර්ථන් මහතා සඳහන් කරයි.

එනිසා මෙවැනි ජාතිවාදය, ආගම්වාදය වපුරන මාධ්‍ය අායතනවලට දකුණේ ආයතනවලින් වෙළෙඳ දැන්වීම් ලබානොදිය යුතු බවද, එමගින් මෙම තත්ත්වයන් වළක්වාගත හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More