දේශීය පුවත්

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 4ක් මෙරට කොටස් වෙළඳපොලෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

Shalimar (Malay) Plc, Selinsing Plc, Good Hope Plc, සහ Indo Malay Plc යන සමාගම් හතර මෙසේ කොටස් වෙළෙඳෙපොළෙන් ඉවත්වීමට තීරණය කර ඇති අතර, මෙම සමාගම් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන කාර්සන්ස් සමූහයට අයත් සමාගම් බවත් සඳහන්ය.

මෙම සමාගම් හතරෙහිම ප්‍රධාන කොටස්කරුවා වන්නේ Good Hope Asia Holdings Ltd සමාගමයි. Shalimar (Malaya) Plc – 83.20% ක්, Selinsing Plc – 95.68% ක්, Good Hope Plc – 90.91% ක් සහ Indo Malay Plc – 87.14% ක් එම සමාගම් හතරෙහි බහුතර කොටස් හිමිකාරීත්වය Good Hope Asia Holdings Ltd සතුව පවතින බවයි පැවසෙන්නේ.

මෙම සමාගම් කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වන අවස්ථාවේ දී එහි සුළුපරිමාණ කොටස්කරුවන් සතු කොටස් සියල්ල මිල දී ගැනීමට Good Hope Asia Holdings Ltd සැලසුම් කර ඇති බවත් වාර්තා වන අතර, මෙම සමාගම් හතර පාම් ඔයිල් කර්මාන්තයේ නිරත සමාගම් වන බවත්, ඒවායේ වතු මැලේසියාවේ පිහිටා තිබෙන බවත් සඳහන්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More