දේශීය පුවත්

2009 මැයි 18 වැනි දින මෙරට ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදාගැනීම වෙනුවෙන් වීරෝදාර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැද සිටියදී රටේ ජනයා අතර යුද ජයග්‍රහණය පිළිබඳ මතවාදීමය වෙනසක් ඇති කිරීමට ප්‍රබල ලෙසම දායක වූ දේශපාලන චරිතයක් ලෙස විමල් වීරවංශ මහතා හැඳින්විය හැකිය.

යුද්ධය පිළිබඳව විවිධ අවලාද හා කටකතා පතුරවමින්, මාතෘභූමියට හතුරුකම්කරමින්, ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් දේශපාලන චරිත නිසා සමාජය බිඳවැටෙමින් පවතින මොහොතක විමල් වීරවංශ මහතා රටේ ජනතාව අතර යුද ජයග්‍රාහී මනසක් නිර්මාණය කිරීමට මතවාදීමය වශයෙන් තම දායකත්වය ලබාදුන්නේ එදා ජනතා විමුක්ති පෙරමුණේ පසුගාමී බලවේග වලින් එල්ල වූ බලපෑම පවා නොසලකා හරිමිනි.

තමා නියෝජනය කළ පක්ෂයෙන් පවා එල්ලවූ විවේචන පවා ගණනකට නොගනිමින් ත්‍රස්තවාදය පරාජය කළ හැකි යැයි දැඩිව විශ්වාස කළ දේශපාලන නායයකු ලෙස ඔහු තම කාර්යභාරය එදා ඉටු කළේ බොහෝ දේශපාලනඥයන් රටේ පැවතුන ත්‍රස්තවාදය යුද්ධයකින් අවසන් කළ හැකි යැයි සිතීමටත් බිය වූ අවධියක වීම විශේෂත්වයකි.

එම යුද ජයග්‍රහණය වෙනුවෙන් අදටත් පෙනීසිටින දේශපාලන නායකයකු ලෙස යුද ජයග්‍රණයට අදට වසර 14ක් ගතවන මොහොතේ ඔහු සිය මුහුණු පොතට එක්කර තිබූ සටහනක් මෙසේ පළ කරන්නෙමු.

අලිමංකඩ පාමංකඩ කතා
කිලිනොච්චියේ මැදවච්චිය කතා
කිය කිය හිටියේ නැත…
අවසාන යුද්ධය ජයග්රහණය ගැන
රටේ මතවාද හැදීම වෙනුවෙන්
ඒ කාලයත් වැය කළෙමි…
ඒකීය රටක් වෙනුවෙන් සිය දිවි පිදූ මෙන්ම සදාකාලික ආබාධිත වූ, මාතෘභූමියට පෙම් කළ සියලු නිර්භීත මව්බිමේ සුජාත පුතුන්හට ගෞරවනීය ආචාරය පුදකරමි…!
විමල් වීරවංශ
2023 මැයි 18


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More