දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ පැවැති තිස් වසරක සාපලත් ත්‍රස්තවාදය නිම කර ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ අවකාශය සලසා දුන් ඓතිහාසික යුද ජයග්‍රහණයට අදට(මැයි 18) වසර 14ක් සපිරෙයි.

තිස් වසරක කෲර යුද්ධය ජයග්‍රහණයෙන් නිමා කර ගැනීමට අපේ රණවිරුවන්ට හැකිවූ වූ අතර, හමුදාවකට මුහුණදීමට නොහැකි තරම් උපක්‍රමශීලී අති භයානක යුද උපක්‍රම යොදමින් මිනිස් ජීවිතවල වටිනාකම තුට්ටුවකට මායිම් නොකරමින් ප්‍රභාකරන් නමැති ම්ලේච්ඡ නායකයාගේ අණ යටතේ බෙදුම්වාදී සටන ගෙන ගිය ත්‍රස්තයන් මුළුමනින්ම පරදවා 2009 මැයි 18 වැනි දින මුලතිව් හි වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේදී අන්තිම සටන නිමා වට පත්වූයේ ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡ ත්‍රස්තවාදයෙන් මාතෘභූමිය ගලවා ගනිමිනි.

2006 ජූලි 21 වැනිදා ත්‍රිකුණාමලයට දකුණෙන් වූ මාවිල්ආරු සොරෙව්වේ දොරටු වසා දමමින් තිස් දහසකට අධික පිරිසකට ජලය අහිමි කිරීමට එල්.ටී.ටී.ඊ ය කටයුතු කිරීමත් සමග සිවිල් වැසියන් වෙනුවෙන් මාවිල්ආරු මුදාගැනීමේ මානුෂික මෙහෙයුම දියත් කිරීමට ආරක්ෂක හමුදාවන් පියවර ගත්තේය.

නැගෙනහිර  මුදාගැනීමෙන් නොනැවතුණු හමුදාවන්  2009 මැයි 18 වැනිදා සදුදා උතුරු පළාතේ එල්.ටී.ටී.ඊ  ත්‍රස්තවාදීන් සතුව පැවති අවසන් බිම් අගලත් ඔවුන්ගෙන්  මුදාගත්තේ  එල්.ටී.ටී.ඊ ප්‍රාණ ඇපයේ සිටි සාමාන්‍ය වැසියන්ටද සුරක්ෂිත හෙට දිනක් උරුම කර දෙමිනි.

එම මනුෂ්‍යත්වයේ විජයග්‍රහණයට අදට වසර 14ක් සපිරෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More