දේශීය පුවත්

ආණ්ඩුකාර ධුරයෙන් සමුගත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය තම ධුරයේ වැඩ කටයුතු නිමා කරමින් විශේෂ මාධ්‍ය සාක්ච්ඡාවක් පැවැත්වීය.

ඒ වසර තුනහමාරක පමණ කාලයක් ආණ්ඩුකාර ධුරයේ රැදී සිටීමට තමන්ට සහයෝගය දැක්වූ සියලු දෙනාට ස්තුතිය පුදකිරීම සඳහාය.

ආණ්ඩුකාරවරියක් ලෙස තමන්ට නැගෙනහිර පළාතේ තම සේවය උපරිමයෙන් කරගෙන යාමට හැකිවූයේ කිසිඳු දේශපාලනයකට ගැති නොවී ස්වාධීනව කටයුතු කළ නිසා බවත්, ආණ්ඩුකාරවරුන් දේශපාලනික නොවී කටයුතු කිරීම මගින් සියලු පාර්ශවයන්ට එක හා සමානව තම සේවය ලබාදීමට හැකි වන බවත් අනුරාධා යහම්පත් මහත්මිය මෙහිදී පැවසුවාය.

නැගෙනහිර පළාත විවිධ ජනවර්ග, ආගම් හා සංස්කෘතීන්ගෙන් සමන්විත ප්‍රදේශයක් වුවත් තමන්ට එම සියලු ජනතාවට එක හා සමානව සේවය කිරීමට හැකි වූ බවද, විවිධ දේශපාලන බලපෑම් එල්ල වුවද කිසිඳු දේශපාලන පාර්ශ්වයකට ගැති නොවී වැඩකටයුතු කළ නිසා ජනතාව තමන් හා ඉතා සමීප වූ බවද ඇය සඳහන් කළේය.

නැගෙනහිර පළාතට සෑම රටකින්ම පාහේ තානාපතිවරු පැමිණ ඇති බවත්, විදේශ රටවල සිට පැමිණෙන අයට නැගෙනහිර පළාතේ ආයොජන සඳහා ඉඩකඩ සපයාදුන් බවත්, චීන තානාපති කාර්යාලයෙන් හා යුවෑන් රාජ්‍යෙයන් මෙම ආයෝජන ව්‍යාපෘති පිළිබඳව උනන්දුව ප්‍රකාශ කළ බවත් අනුරාධා යහම්පත් මහත්මිය මෙහිදී පැවසීය.

තමන් ආණ්ඩුකාරවරිය ලෙස නැගෙනහිර පළාතේ ලැබූ වඩාත්ම වැදගත් ජයග්‍රණය වූයේ නැගෙනහිර පළාතේ අධ්‍යාපනය ඉහළට ඔසවා තීබීමට හැකිවීම බව ඇය සඳහන් කරයි.

එමෙන්ම එම පළාතේ කෘෂි සංස්කෘතිය දියුණු කිරීමත්, යුද්ධයෙන් අසරණ වූ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් විසඳුම් ලබාදීමට හැකි වීමත් තමන් ලැබූ ජයග්‍රහණ බවයි ඇය පවසන්නේ.

මෙරට පන්සිල් පද පහ රකින සමාජයක් බිහිකළ යුතු බවත්, එමගින් රට පත්ව ඇති ආර්ථික, දේශපාලනික හා සමාජ පරිහානිය වළක්වා ගත හැකි බවත් මෙම මාධ්‍ය හමුවේදී ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

මේ අතර, ජාතික සංවිධාන එකමුතුව පවසන්නේ ආණ්ඩුකාර ධුරයෙන් සමුගත් අනුරාධා යහම්පත් මහත්මියගේ සමාජ මෙහෙවර වෙනුවෙන් හා ඇයගේ ඉදිරි කටයුතු වෙනුවෙන් දිගින් දිගටම පෙනීසිටින බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More