දේශීය පුවත්

ආගමික ශාස්තෘවරයකුට එරෙහිව කරන ප්‍රකාශ මගින් මුළුමහත් සමාජයකට ගිනි ඇවිලවිය හැකි බවත්, ඒ බව හොඳින් දන්නා ඇතැම් බලවේග රට තුළ පවතින සාමකාමී වාතාවරණය විනාශ කිරීමට බුදුන් වහන්සේට දැනුම්වත්ව අපහාස කරන ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තා යොදා ගෙන ඇති බවත්, ඔහු එම බලවේගයන් සතුව ඇති භයානක හස්තයක් බවත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද(17) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ජෙරොම් ප්‍රනාන්දු පිටුපස සිටින බව පෙනෙන ‘ටයි-කෝට් මහත්වරුන්ගේ පැටිකිරිය’ පිළිබඳවත්, විශේෂයෙන් පසුගියදා අල් – ජසීරා නාලිකාව මඟින් අනාවරණය කළ ජාත්‍යන්තර මූල්‍ය විශුද්ධිකරණයට සම්බන්ධ සිම්බාබ්බේ ජාතිකයා සහ ඔහු අතර වන රහසිගත ගනුදෙනු පිළිබඳවත් රට හමුවේ අනාවරණය කිරීමට ආණ්ඩුව පාර්ශ්වයෙන් පුළුල් විමර්ශනයක් අවශ්‍ය බවට ඒ මහතා අවධාරණය කරයි.

දැනටමත් ආගමික සහජීවනයට බාධා පමුණුවමින්, මහජන කැළඹීමකට මග පාදමින් රටින් පිටව ගොස් ඇති මේ තැනැත්තා, ‘ඉරිදා මම ලංකාවට එනවා. ඒ අවස්ථාවට ඔබ පවුල් පිටින් ඒකරාශී වන්න’ යැයි තවදුරටත් ඉල්ලීම් කිරීමෙන් පෙනී යන්නේ ඔහු පිටුපස සිටින බලවේග තුළ තිබෙන මේ රටට ගිනි ඇවිලවීමේ බරපතළ වුවමනාව බව ද මොහොමඩ් මුසම්මිල් මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

එසේම රටින් පිටව ගිය පසු ජෙරොම් ප්‍රනාන්දු සාකච්ඡා කළේ කවුරුන් සමග ද, හමු වූයේ කුමන බලවේග ද, යන කරුණු ජාතික ආරක්ෂාව හා බැඳී ඇති බැවින් ඒ පිළිබඳව ද ආණ්ඩුව කඩිනම් විමර්ශනයක් කළ යුතුව ඇතැයි ඒ මහතා සඳහන් කළේය.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2023-05-17



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More