දේශීය පුවත්

තමන් අත් අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගැනීම මගින් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් ඒ සඳහා වන්දි ලබා දෙන ලෙස ඉල්ලා දොස්තර ෂාෆි ෂිහාබ්දීන් මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විජිත් මලල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලින.

පෙත්සම්කාර වෛද්‍යවරයා අත් අඩංගුවට ගෙන ඇත්තේ පාස්කු ඉරුදින ප්‍රහාරයට සති දෙකක් ඉකුත් වීමෙන් පසුව බවත්, උපයා ගත් ආකාරය හෙළි කිරීමට අසමත් කෝටි 40 ක වත්කම් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත අත් අඩංගුවට ගැනීම සාධාරණ බවත් ඒ අවස්ථාවේදී ඔහුව අත් අඩංගුවට ගැනීමට සාධාරණ හේතුවක් තිබූ බැවින් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ප්‍රකාශ කළේය.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා නම් කරනු ලැබ ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More