පාස්ටර් ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව වහාම පරීක්ෂණයක් අරඹන ලෙස ඉල්ලමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
මේ පාස්ටර්වරයාගේ ක්‍රියාකලාපය නිසා රටේ ආගමික සංහිඳියාව නැති වන බව උන්වහන්සේ ලිඛිත පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
ක්‍රිස්තියානි මූලධර්මවාදී කල්ලි කණ්ඩායම් විසින් අන්‍යාගමික ක්‍රියාවලිය ඉතා වේගයෙන් පතුරන බවද මේ පාස්ටර්වරයාත් එම කුමන්ත්‍රණයේ කොටස්කරුවකු බවද උන්වහන්සේගේ පැමිණිල්ලේ දක්වා ඇත.
උන්වහන්සේ මෙම ලිඛිත පැමිණිල්ල ඊයේ (16දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...