දේශීය පුවත්

ගෝලීය ස්වයං තීරණ අයිතිය යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළ ජනවාර්ගික ගැටලුවට තිරසර විසඳුමක් තමන්ට අවශ්‍ය බවත්, ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වන කටයුතු ආරම්භ කරන්නේ නම් පමණක් ඒ සඳහා වන සාකච්ඡාවලට සහභාගි වන බවත් දෙමළ ජාතික සන්ධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇති බව වාර්තා වේ.

බලය විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන් උතුරු නැගෙනහිර පළාත් දෙමළ මන්ත්‍රීවරුන් හා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සමග පෙරේදා (මැයි 15) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී එම සන්ධානය ජනාධිපතිවරයා හමුවේ මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙම සාකච්ඡාව කිසිදු එකඟතාවකින් තොරව අවසන්ව ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා,

“බලය බෙදා හැරීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බව දන්වා තිබුණා. මෙවැනි ම සාකච්ඡා පසුගිය දෙසැම්බර් හා ජනවාරි මාසයේදී පැවැත්වුණා. නමුත් පසුගිය පාර්ලිමේන්තුව එනම් ජනාධිපතිවරයා අගමැතිවරයාව කටයුතු කරනු ලැබූ කාලයේ මෙම ගැටලුව සම්බන්ධයෙන් සකස් කෙරුණු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කෙටුම්පත හා මේ පිළිබඳ සම්පූර්ණ වාර්තා රජය හා ආණ්ඩුව වෙත භාරදී තිබෙනවා. පෙරේදා පැවැති සාකච්ඡාවටත් එම වාර්තා මම රැගෙන ගියා.

ඊයේ පැවැති සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සී. වී. විග්නේශ්වරන් විසින් වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවා. එම වාර්තාවේ පිටපතක් ජනාධිපතිවරයා ළඟත් තිබුණා. නමුත් එම වාර්තාවට විපක්ෂය වශයෙන් අස්සන් කර තිබුණේ විග්නේශ්වරන් මහතා පමණයි. අනෙක් සියලු ම දෙනා ආණ්ඩුව නියෝජනය කරනු ලැබූවන්. මේ අතරේ දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කර නොමැති පක්ෂවල සාමාජිකයනුත් එම වාර්තාවට අස්සන් තබා තිබුණා. එබැවින් එම වාර්තාවට අපගේ විරෝධය පළ කර සිටියා. හේතුව එම වාර්තාව මහජන නියෝජිතයන් විසින් ඉදිරිපත් කළ වාර්තාවක් වශයෙන් පිළිගත නොහැකිවීමයි. එම වාර්තාව මූලික කර ගනිමින් කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා යෝජනා කළා. නමුත් අපි එයට එකඟ වුණේ නැහැ. අපි එයට විරුද්ධ වුණා. එවැනි කමිටු පත් කිරීමෙන් සිදු වන්නේ සාකච්ඡා, කමිටු සාකච්ඡා වශයෙන් මෙම කටයුතු දිග්ගැස්සීම පමණයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කටයුතු ආරම්භ වුවහොත් අපි ඒ සඳහා සහභාගි වෙනවා. ඒ හැර පරිපාලන කටයුතු සම්බන්ධ සාකච්ඡාවලට සහභාගි වීම නිෂ්ඵල ක්‍රියාවක්. එවැනි අලුත් කමිටුවලට අපි සහභාගි වන්නේ නැහැ.”

මේ පිළිබඳව අදහස් දක්වන සී.වී. විනේශ්වරන් මහතා,

“බලය විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා. මෙහිදී මා විසින් සකස් කරන ලද වාර්තාවක් එම රැස්වීමට ඉදිරිපත් කළා. එම වාර්තාවේ අන්තර්ගත වුණේ පවතින නීතියේ වෙනස් වියයුතු ස්ථාන පෙන්වා දෙමින් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද යන්න යි. මෙම වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එකඟතාවක් දැක්වූවා. ජනාධිපතිවරයා මෙම වාර්තාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට එකඟ වූ අතර ඉදිරි සති තුනක කාලය ඇතුළත එම කමිටුවට සාමාජිකයන් පත් කර දන්වන බව ප්‍රකාශ කළා.“



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More