දේශීය පුවත්

ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු තම සමාජ ජාල ගිණුම් ඔස්සේ තමන්ගේ අනුගාමිකයන්ට පණිවිඩයක් තබා ඇති බව වාර්තා වේ.

එමගින් ඔහු සඳහන් කරන්නේ තමන් මේ වන විට රාජකාරි කටයුත්තක් සඳහා ගමන් කරමින් සිටින බව  සියලු දෙනා දන්නා බවත්, ඉරිදා දිනයේ තමන් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්, එදිනට සියලුදෙනා පවුල සමගින්ම ඩෝම් ශාලාවට පැමිණ සිටින ලෙසත්ය.

කෙසේ වෙතත් අන්‍ය ආගම් වලට අපහාස කිරීමේ චෝදනාව මත මේ වන විට ඔහු සම්බන්ධයෙන් රහස් පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ. ඊට අදාලව ඔහුට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණය විසින් වාරණ නියෝගයක් ලබා ගෙන තිබුණද ඔහු ඊට පෙර විදෙස්ගත වී ඇත.

මේ අතර, ජාතික සංවිධාන පෙන්වා දෙන්නේ මෙම සිදුවීම තුළින් ආගමික ගැටුමක් සිදුවීම වැළැක්වීමට කටයුතු කළ යුතු බවයි. මේ පිළිබඳව සමාජ මාධ්‍ය නාලිකාවකට අදහස් දක්වමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ, බෞද්ධ ආගමට නිගරු කරමින් බෝන් අගේන් ආගමික නිකායේ ප්‍රධානියා වන ෆාස්ටර් ජෙරම් ආගමික ගැටුමකට අදාළ වන පෙට්‍රල් හැලීමට කටයුතු කළ බවත් ඔහුගේ උපක්‍රමයට හසුවී ගිනිකූරු  ගැසීමට කටයුතු කිරීමෙන් වැලකී සිටීමට සියලු දෙනාම වග බලා ගත යුතු බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More