දේශීය පුවත්

බුදුරජාණන් වහන්සේට හා බුදු දහමට අපහාස වන අයුරින් පසුගියදා ආන්දෝලනාත්මකව ප්‍රකාශයක් සිදුකළ දේවගැති ජෙරම් ප්‍රනාන්දු නමැත්තා ඊයේ (15) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

පෙරේදා අලුයම 1.00 පමණ සිංගප්පුරූ ගුවන් සමාගමට අයත් එස් කිව් 469 දරණ ගුවන් යානයෙන් මෙලෙස පිටත්ව ගොස් ඇති බවද ආරංචි මාර්ග පවසයි.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ ඔහු සිය බිරිඳ සහ දියණියන් දෙදෙනා ද සමඟ දිවයිනෙන් පිටව ගොස් ඇති බවය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබියදී මෙම දේවගැතිවරයා මෙලෙස සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට ඉල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපතිවරයාගේ කර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ද ඊයේ (15) මේ සම්බන්ධයෙන් විමර්ශයන් සිදුකරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් වී තිබුණි.

මෙවන් පසුබිමක දේවගැතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාක්මක කරන ලෙසට ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (16) වනවිට පැමිණිලි 6 ක් ලැබී ඇති බවත් වාර්තා වේ.

මේ අතර, දේවගැති ජෙරම් ප්‍රනාන්දු යන අයගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) නියෝගයක් නිකුත් කළේය.

මෙම විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත යොමු කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ටර්වරයාට නියම කළේය.

මෙන්ම දේවගැතිවරයා රටින් පිටවීමට උත්සාහ කරන්නේ නම් ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වහාම දැනුම් දෙන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා ආගමන විගමන පාලකවරයාට නියම කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More