එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි මුදල් ලබා ගැනීමට අදාළ නඩුව යට ගැසීම සඳහා ඩොලර් මිලියන 250 ක අල්ලස් මුදලක් ලබාදුන් බවට සිදු කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගෙන් ඉදිරි දින කීපය තුළදී ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ඉකුත් සතියේ ඇමැතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට උත්සාහ කළ ද එය නොහැකි වූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
එංගලන්තයේ බැංකු ගිණුමකට ඩොලර් මිලියන 250 ක අල්ලසක් ලබාදී තිබූ බවට අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි.
මෙම හෙළිදරව්වෙන් පසු අධිකරණ ඇමැතිවරයා විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂකවරු දෙපාර්තමේන්තුව වෙත දැනුම් දීමක් ද කර තිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...