දේශීය පුවත්

දෙමළ දේශපාලකයින් සහ අන්තවාදී කණ්ඩායම් උතුරු – නැගෙනහිර පූජනීය ස්ථානවලට එරෙහිව විරෝධයක් එල්ල කරමින් සිටින බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ, මෙය ජාතිවාදී ගැටුමක් ඇතිකර ගැනීම සඳහා සැලසුම් සහගතව සිදුකරන ක්‍රියාවලියක් බවය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන නාරම්පනාවේ ආනන්ද හිමියෝ,

“මෑත කාලයේ උතුර නැගෙනහිර පුරාවිද්‍යාත්මක ස්ථානවලට මෙන්ම බෞද්ධ සිද්ධස්ථාවලට බරපතළ විදිහේ විරෝධතා මතුවෙමින් පවතින බව පේනවා. ජාතිවාදී උන්මත්තයෙන් පෙළෙන ඇතැම් දේශපාලකයින් සහ ඒ අන්තවාදී සංවිධාන විසින් මේ ස්ථානවලට ඉතාම සැලසුම් සහගත ලෙස විරෝධය ඉදිරිපත් කරන්නේ ජාති වාදී සහ ආගම්වාදී අර්බුදයක් රට තුළ ඇති කිරීමේ අභිලාෂයෙන්ද කියන එක බරපතළ සැකයක් මේ රටේ මැදිහත් සියලු ජනතාව තුළ ඇති වෙමින් තිබෙනවා.

ආසන්නතම සිද්ධිය තමයි සියම් ජාතික භික්ෂූන් වහන්සේලා කිහිපනමක් සහ බෞද්ධ දූත පිරිසක් ත්‍රිකුණාමලයට ගොඩ බැස්ස වෙලාවේ එදා වසර 270කට එහා මේ ලාංකීය ප්‍රභූන් මුණගැහුණු ඵෙතිහාසික ස්ථානය. මේ දෙමළ ජාතිවාදී සංවිධාන ඇතැම් විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම් මේ ස්ථානයට ඇවිල්ලා බරපතළ විරෝධයක් ඉදිරිපත් කරලා තිබුණා. මේ තත්ත්වය තවදුරටත් රජයක් හැටියට මැඩපැවැත්වීමට කටයුතු නොකරයි නම් රට තුළ බරපතළ ආගමික සහ වෙනත් ජාතික අර්බුදයක් නිර්මාණය වීම වළක්වන් පුළුවන් කමක් නෑ.

අද වර්තමාන රජයේ කිසිදු කෙනෙක් මේ ප්‍රශ්නය ගැන කතා කරන්නේ නෑ. අපිට පේනවා වත්මන් රජය ආණ්ඩුකාරවරු පත් කිරීමේදී පවා සිංහල බෞද්ධ ජනතාවට අගතියක් වෙන විදියට තමයි වර්තමානයේ කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා උතුර – නැගෙනහිර ඒ බෞද්ධ උරුමය ආරක්ෂා වෙන්න ඕනේ. ඒ වගේම රට පුරා බෞද්ධ ආගමිකයින්ට විතරක් නෙමේ සියලුදෙනාට ආගමික වශයෙන් සහජීවනයෙන් කටයුුතු කරන්න නම් මෙවැනි ආන්තවාදී සංවිධාන වගේම මූලධර්මවාදී ආගමික කණ්ඩායම් මැඩපවත්වමින් ඔවුන් සම්බන්ධයෙන් බරපතළ විදියට නීතිය ක්‍රියාත්මක කරමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අපි රජයට දැඩි ලෙස අවධාරණය කරමින් මතක් කරන්නට කැමතියි. එහෙම් නැතිනම් මේ යන පසුබිමත් එක්ක මේ රටේ සිංහල බෞද්ධ ජනතාව මීට විරුද්ධව සංවිධානය වෙලා නැගී සිටිනවා. එවන් දවසක ඒ ඇති වෙන අර්බුදය සම්බන්ධයෙන් යම් කිසි ගැටලුවක් ඇති වුනොත් වත්මන් රජය ඒකට අනිවාර්යයෙන් වගකියන්න වෙනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More