දේශීය පුවත්

ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිතයක්ව පැවති සමයේදී විදේශයන් වෙත රැගෙන ගිය පුස්කොළ පොත් ඇතුළු පෞරාණික උරුමයන් රැසක් නැවත විද්‍යුත් ප්‍රතිමුද්‍රණ වශයෙන් දිවයිනට ගෙන්වා ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා ඇතුළු ලන්ඩනයේ, යූස්ටන්හි පිහිටි බ්‍රිතාන්‍ය පුස්තකාලයේ පාලනාධිකාරිය සමග එම පුස්තකාලයේ දී පැවැත්විණ.

දේශීය දැනුම් සම්භාරයන්ගෙන් සපිරි පුස්කොළ පොත් ඇතුළු පෞරාණික උරුමයන් රැසක් විදේශයන්‌ වෙත රැගෙන ගිය අතර එම උරුමයන් විදේශයන්හී පිහිටි පුස්තකාළ සහ කෞතුකාගාර තුළ අදටත් සුරැකිව පවතිනු ලබයි. ඒ තුළ අපගේ පාරම්පරික වෛද්‍ය ක්‍රම හා බැඳුණු පුස්කොළ පොත් ද විශාල සංඛ්‍යාවක් පවතින අතර ලන්ඩනයේ යූස්ටන්හි පිහිටි බ්‍රිතාන්‍ය පුස්තකාලයේ ද දැනට දිවයිනේ වෙනත් පුස්තකාලයකින් සොයා ගත නො හැකි දුර්ලභ පුස්කොළ පොත් විශාල සංඛ්‍යාවක් තිබේ.

එක්සත් රාජධානියේ ජාතික පුස්තකාලය වන බ්‍රිතාන්‍ය පුස්තකාලය ලොව විශාලත ම පුස්තකාලය වන අතර ලොව ප්‍රධාන ම පර්යේෂණ පුස්තකාලයක් ලෙස ද පිළිගැනේ. මෙහි තැන්පත් කොට ඇති ග්‍රන්ථ හා ලේඛන ප්‍රමාණය මිලියන 200 ක් ඉක්මවන අතර මුද්‍රිත පොත්, අත් පිටපත්, පුවත්පත් හා සඟරා, චිත්‍ර, සිතියම්, සැලසුම් හා මුද්දර ද විද්‍යුත් පුස්තක ද ඒ එකතුවට ඇතුළත් වෙයි. හියු නෙවිල් එකතුව, ඉන්දියා කාර්යාලයීය එකතුව හා බ්‍රිතාන්‍ය කෞතුකාගාර එකතුව යන ප්‍රධාන එකතු තුන යටතේ සිංහල හා පාලි අත් පිටපත් තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් මෙහි තැන්පත් කොට ඇති අතර ඒ අතුරෙන් 118ක් වෛද්‍ය ග්‍රන්ථ වෙයි.

එයින් 35ක් පමණ දිවයිනේ අනිකුත් පුස්තකාලවලින් වාර්තා නොවන බව පැවසේ. එමෙන්ම දිවයිනේ අන් කිසිදු පුස්තකාලයකින් හමු නොවන සිංහල හා පාලි ග්‍රන්ථ ද 200ක් පමණ මෙහි ඇති බව හඳුනාගෙන ඇති අතර ඒවා 17 වන සහ 19 වන සියවස් අතර කාලයේ රචනා කරන ලද පුස්තකයන් වේ.

එම සාකච්ඡාවේදී දුර්ලභ පුස්තකයන්හී පිටපත් විද්‍යුත් ප්‍රතිමුද්‍රණ වශයෙන් දිවයිනට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්විය. එම සාකච්ඡාවේදී බ්‍රිතාන්‍ය පුස්තකාලයේ දකුණු ආසියා එකතුවේ අධ්‍යක්ෂ ආචාර්ය අරාණි ඉලන්කූබරන් විසින් ශ්‍රී ලංකා එකතුව හා ශ්‍රී ලංකාව සම්බන්ධ කෘති පිළිබඳ නිදර්ශනාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කර තිබෙන අතර බ්‍රිතාන්‍ය පුස්තකාලය ලංකාවේ අත් පිටපත් විධිමත්ව හා ක්‍රමවත්ව සංරක්ෂණය කර තිබීම මෙන්ම ඒවා පර්යේෂණ හා අධ්‍යයන කටයුතු සඳහා පහසුවෙන් ලබා ගත හැකි වන පෙළ ගැසීම සම්බන්ධයෙන් එම පුස්තකාලය වෙත රාජ්‍ය අමාත්‍යතුමා සිය ප්‍රසාදය පළ කර තිබේ.

මේ පිළිබඳව අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා ප්‍රකාශ කළේ ඒ සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කර එම දැනුම් සම්භාරයන් නැවත දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය මෙන්ම දේශයේ උන්නතිය වෙනුවෙන් දායාද කිරීමට කටයුතු කරන බවයි.

– Media unit



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More