දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගෙන් තුනෙන් එකක් එනම් දාහතර ලක්‍ෂයකට ආසන්න පිරිසක් ප්‍රමාණවත් හෝ කිසිදු ආහාරයක් නොගන්නා බව වෛද්‍ය පර්යේෂණවලදී අනාවරණය වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.

උදෑසන ආහාරය නොගැනීම දරුවන්ගේ මොළය වර්ධනයට මෙන්ම ශරීරයේ වර්ධනයට ද ඉතා අහිතකර ලෙස බලපාන බවට එම පරීක්‍ෂණවලින් තොරතුරු හෙළිවී ඇතැයි පාර්ලිමේන්තු ආංශික අධීක්‍ෂණ කාරක සභාවේ සභාපති වලේබොඩ මහතා කීය.

මේ අතර දරුවන්ගෙන් පහෙන් එකක් මන්දපෝෂණයෙන් පෙළෙන බවත්, රටේ පවතින නරක ආර්ථික තත්ත්වය දරුවන්ට එරෙහි අපයෝජන සහ ප්‍රචණ්ඩත්වයේ වැඩිවීමට ද ප්‍රධාන හේතුවක් වී තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවල දැක්වෙන බව ද ඒ මහතා කීය. මේ ප්‍රවණතාවය දිගින් දිගටම පැවතිය හොත් දරුවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගොඩනඟාගෙන ඇති ප්‍රගතිය ආපසු හැරීමේ මෙන්ම ඇතැම් විට එය ස්ථිරවම නැතිවීමේ අවදානමක් පවතින බවත් ඒ මහතා පැවසීය.

දරුවන් පෝෂණය කිරීමේ වගකීම අද මව්පියන්ට දරාගත නොහැකි වූ බරක් වී ඇතැයි ද ඒ මහතා පැවසීය. ආර්ථික දුෂ්කරතා හේතුවෙන් දරුවන්ට ලබාදිය යුතු පෝෂ්‍යදායී සත්ත්ව ආහාර මෙන්ම ශාඛ ආහාර ද ලබාදීමට වෙනදා මෙන් මවුපියන්ට හැකියාවක් නැතැයි ද පැවසූ ඒ මහතා මේ හේතුවෙන් නුදුරු අනාගතයේදීම පෙනෙන හා නොපෙනෙන පෝෂණ ඌනතා සහිත විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇතැයි ද අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් අතර මේ තත්ත්වය වඩාත් දරුණු විය හැකි යැයි ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

අනාගත ශ්‍රම හමුදාව කායික හා මානසික දුර්වලතාවන්ගෙන් පෙළෙන පරපුරක් නොවීමට නම් දරුවන්ගේ මෙම පෝෂණ ගැටලුව සම්බන්ධයෙන් රජය වහා ඉහළ අවධානයක් යොමුකළ යුතු බව පවසන ඒ මහතා දේශීය හා ජාත්‍යන්තර සංවිධානවල සහයෝගය ලබාගෙන දරුවන්ගේ පෝෂණ තත්ත්වය වැඩිදියුණු කිරීමට කඩිනම් විද්‍යාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බව ද කියා සිටියේය.

– චමින්ද සිල්වා
(දිවයින)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More