නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් සිදුකිරීමෙන් පසු රෝගීන් 10 දෙනෙකුගේ ඇස් පෙනීම දුර්වලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.
නුවරඑළිය මහ රෝහලේදී පසුගිය අප්‍රේල් 05 වැනිදාට පසුව සිදුකළ අක්ෂි සැත්කම්වලින් පසු මෙලෙස රෝගීන්ගේ පෙනීම දුර්වල වී ඇති බවත්, ඉන්දියාවෙන් ආනයනය කළ ඖෂධයක තිබූ විෂබීජ නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වූ බවත් රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න මහතා පවසයි.
එම රෝගීන් සැත්කම්වලට ලක්ව නිවෙස්වලට ගොස් දින කිහිපයකට පසු පෙනීම සම්පූර්ණයෙන්ම නැතිවී ගිය බව රෝගීන්ගේ ඥාතීන් පවසන අතර, ඔවුන් යළි රෝහල්ගත කර ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් පසු පෙනීම ක්‍රමයෙන් ලැබෙමින් පවතින බවත් වාර්තා වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...