පුරවැසි කොලම

ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ක්‍රිස්තියානි දහම හා බුදු දහම වෙනස් වන්නේ කුමන කාරණයෙන් දැයි කියන්නට උත්සාහ දරා ඇති වීඩීයෝ පටයක් දුටු නිසා, ආගම් සන්සන්දනය කිරීම නුසුදුසු කාරණයක් වුවත් වීඩීයෝ පටයෙන් මහත් අපහසුවට පත් බෞද්ධ, කිතුනු ජනයා වෙනුවෙන් සහ ඔබ ගේ හිතසුව පිණිස මෙසේ ලි‍යන්නට සිත් විය.

බුදු දහම මැවුම්කාර සර්ව බලධාරී දෙවියෙකු හෝ බ්‍රහ්මයෙකු ප්‍රතික්ෂේප කරන අතර ලෝකයේ පැවැත්ම හේතුඵල දහමක් මත රදා පවතින්නක් බව සඳහන් කරයි.

බුදු දහම ” කර්මය හා කර්ම ඵලය ” පිළිගන්නා නමුත් සියල්ල සිදුවන්නේ කර්මයෙන් යන ” පුබ්බේකත හේතු වාදය” මිත්‍යාදෘෂ්ටියක් ලෙස ප්‍රතික්ෂේප කරයි (මහා තිත්ථායතන සූත්‍රය).

බුදුන් වහන්සේව Enlightened One ‍( අවබෝධයට පත් තැනැත්තා) යනුවෙන් හඳුවන්නේ කිසිවකු ගේ මග පෙන්වීමකින් තොරව ( ස්වයංභූත ඥානය) චතුරාර්‍ය සත්‍ය (දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය) අවබෝධ කරගත් නිසා ය.

බුදුන් වහන්සේ ආලෝකයක් ගැන සෙවුවේ නැත. සිද්ධාර්ථ බෝසතාණන් ගිහිගෙයින් නික්මුයේ කුසලය යනු කුමක්ද? සත්‍ය ‍යනු කුමක්ද? (කිං කුසල ගවේසී- කිං සච්ච ගවේසී )යන ධර්ම පර්යේෂණය උදෙසා වන අතර උන්වහන්සේට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වීමත් සමග පෙර නො ඇසූ දහමක ආලෝකය උපන් බව දම්සක් පැවතුම් සූත්‍රයේ දී දේශනා කර ඇත ( ඉදං දුක්ඛසමුදයං අරියසච්චන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි… ආලෝකෝ උදපාදි” ).

බෞද්ධයන් කිසිදා මහා කාරුණික බුදුන් වහන්සේ ගේ ප්‍රේමය ගැන ප්‍රශ්න නොකරන්නේ උන් වහන්සේ ප්‍රේමයෙන් බියත්, ශෝකයත් උපදනා බව ධම්මපදය( පිය වග්ගයේ දී) දේශනා කර ඇති නිසා ය. (” පේමතෝ ජායතී සෝකෝ- පේමතෝ ජායතී භයං”). බෞද්ධයන්ට ද බුදුන් වහන්සේ කෙරෙහි ඇත්තේ ප්‍රේමයක් නොව ශ්‍රද්ධාවකි.

කිසිදු බෞද්ධයෙකුට යේසුස් වහන්සේව අවශ්‍ය වන්නේ නැත.
නිවන් මාර්ගය සඳහා බෞද්ධයන්ට අවශ්‍ය වන්නේ කල්‍යාණ මිත්‍ර සම්පත්තියත්, සද්ධර්ම ශ්‍රවනයත්, යෝනිසෝමනසිකාරයත්, ධම්මානුධම්ම ප්‍රතිපදාවත් පමණි.

බුදුන් වහන්සේ යනු නිර්වාන මාර්ගය පෙන්වා දුන් ශාස්තෲන් වහන්සේය. උන්වහන්සේටවත් අප හට එය අවබෝධ කළ නොහැකිය. එය අප විසින්ම කරගත යුත්තකි. (” අත්තදීපා භික්ඛවේ විහරථ අත්ත සරණා අනඤ්ඤ සරණා” ) මහණෙනි, තමාම තමාට පිහිටක් කොටගෙන, පිළිසරණක් කොටගෙන වාසය කරන්න. ධර්මය පිහිටක් කොටගෙන, පිළිසරණක් කොටගෙන වාසය කරන්න. අන් සරණක්, පිහිටක්, නොසොයන්න!

ජෙරම් ප්‍රනාන්දු දිවැසියනි,

ඔබ යේසුස් කිස්තූස් වහන්සේ දේශනා කළ විමුක්ති මාර්ගය, ස්වර්ගය, දෙවුමවු තුරුළ, ප්‍රේමය, පාපාන්ධකාරය, දයානුකම්පාව, දස පනත, පරණ තෙස්තමේන්තුව, අලුත් තෙස්තමේන්තුව ගැන කිතුනුවන්ට දේශනා කරන්න. මුදල් ඉපයීමේ ව්‍යාපෘතිය සාර්ථකව කරගන්න. නිරාගමිකයන්ගෙන් පවා බැට කන බෞද්ධයන්ට හා බුදු දහමට අත නොතියන්න.

– සොනාල ගුණවර්ධන –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More