දේශීය පුවත්

ජාතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා වූ සංවිධාන එකමුතුව විසින් උතුරු සහ නැගෙනහිර දෙපළාතේ පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීම සහ සංරක්ෂණ කටයුතුවලට බාධා කිරීම පිළිබඳ විමර්ශන කොමිසමේ වාර්තාව ප්‍රකාශයට පත්කර තිබේ.

එම වාර්තාවෙන් දක්වා ඇත්තේ උතුරු සහ නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ වන විට හඳුනාගෙන ඇති ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන 1700ක් දීර්ඝ කාලයක සිට සංවිධානාත්මක පුද්ගලයන්ගේ මැදිහත්වීම මත විනාශ කරමින් පවතින පසුබිමක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එම ස්ථාන ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා සිදුකරන මැදිහත් වීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි.

එමෙන්ම පුරාවිද්‍යා පනතට අනුකූලව උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල සිදු කෙරෙන සංරක්ෂණ කටයුතුවලට බාධා කිරීම සඳහා ලියාපදිංචි දේශපාලන පක්ෂවල මහජන නියෝජිතයන් පවා ප්‍රචණ්ඩ විරෝධතා පවත්වන තත්ත්වයක් පැනනැගී ඇති බැවින් එම බලපෑම්වලට යටත්වීම නිසා හෝ එසේ නොමැති තත්ත්වයක දී පවා නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන් මැලිකමක් දැක්වීම නිසා තත්ත්වය බරපතළ වෙමින් පවතින බවත් එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

අදාළ වාර්තාව පහළින්…

උතුරු සහ නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීම සහ සංරක්ෂණ කටයුතුවලට බාධා කිරීම පිළිබඳ විමර්ශන කොමිසමේ වාර්තාව – 2023



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More