දෙමළ ජාතික සන්ධානය හා එය නියෝජනය කරන සුමන්දිරන් වැනි මන්ත්‍රීවරු වර්ගවාදී, ෆැසිස්ට්වාදී වියරුවකින් රටේ දේශපාලනයට මැදිහත්ව සිටින බවත්, එකම රටක ජාතික සමගිය බිඳ දැමීමට ඔවුන් කටයුතු සිදුකරමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.
ජනාධිපතිවරයා උතුරු හා නැගෙනහිර ජනතාවගේ ගැටලු ගැන සාකච්ඡා කිරීම සඳහා එම දෙපළාතේ මන්ත්‍රීවරුන් වෙන් වෙන් වශයෙන් කැඳවා සාකච්ඡා කිරීමට කටයුතු කර ඇති බවද, එහෙත් දෙමළ ජාතික සන්ධානය එයට අකමැතිවී උතුරු හා නැගෙනහිර මන්ත්‍රීවරුන් දෙපිරිසම එකට කැඳවිය යුතු බව පවසා එම පළාත් එක් පළාතක් ලෙස සැලකීමට කටයුතු සිදුකර ඇති බවද ගෙවිඳු කුමාරතුංග මහතා හෙළිකරයි.
ජනාධිපති මාධ්‍ය අංශයෙන් පවා මෙවැනි සාකච්ඡාවක් පිළිබඳව තොරතුරු වාර්තා කොට නැති බවත්, එම දෙපළාතේ සිංහල මන්ත්‍රීවරුන්ට මෙම සාකච්ඡාව සඳහා ආරාධනාකර නොමැති බවට තොරතුරු හෙළිවන බවත් ඒ මහතා පවසයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...