දේශීය පුවත්

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා පැරණි පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර පනතට එරෙහිව ජාතික සංවිධාන එකමුතුව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ. ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් එහි කැඳවුම්කරු සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇති අතර ජේෂ්ඨ නීතිඥ කණිෂ්ක විතාරණ මහතා ගුණදාස අමරසේකර මහතා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටියේය. පෙත්සමේ තීන්දුව කතානායකවරයා වෙත ලබා දීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ සුමන්තිරන්ලාගේ උත්සහාය ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම බවයි. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා යම්විදියකින් ජනාධිපතිවරයා බවට පත්වුවහොත් ඉඩම් ප්‍රඥාප්ති වැනි වෙනම රාජ්‍යක් පිහිටුවීමට අදාල වන්නාවූ ප්‍රඥාප්ති ක්‍රියාත්මක කරවා ගැනීම ඔවුන්ගේ උපක්‍රමය බව පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More