වවුනියාව ඓතිහාසික සපුමල්ගස්කඩ පුදබිමේ පැවැත්වීමට නියමිත අධි ඇසළ පිංකම් මලාව සම්බන්ධයෙන් පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි ස්වාමින් වහන්සේ විසින් පහත සඳහන් පරිදි එහි වැඩ පිළිවෙල එවා ඇත. ඒ අනුව පාද යාත්‍රාව ජුනි මස 28 සිට ජූලි මස 01 දක්වා පැවැත්වේ.
පාද යාත්‍රාව ආරණ්‍යවාසී මහාසංඝරන්නයේ මූලිකත්වයෙන් ජූනි මස 28 දින අනුරාධපුර මහාසෑය අසලින් ආරම්භ වී රඹෑව , මැදවච්චිය, වවුනියාව, බෝගස්වැව හරහා සපුමල්ගස්කඩ පුදබිමට ජූලි 01 දින සවස වැඩමකිරිමට නියමිත ය.
ඊට අමතරව,
1) ජූලි මස 01 හවස ශ්‍රි සර්වඥ ධාතූන් වහන්සේලා පාද යාත්‍රාව සමගින් වැඩමකරවීම.
2) ජූලි මස 02 වෙනිදා දවස පුරා සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය .
3) ජූලි මස 02 රාත්‍රි සර්ව රාත්‍රික පිරිත් දේශනය.
4) ජූලි මස 03 වනදා උදෑසන ඓතිහාසික සපුමල් වෙහෙරෙහි ගර්භයේ ධාතූ නිධානෝත්සවය.
5) ජුලි මස 03 සවස අතිපුජනීය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනය.
පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
පුජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි ස්වාමීන් වහන්සේ මෙම අසිරිමත් පිංකම් මලාවට සම්බන්ධ වන ලෙස සුපින්වත් සැමටම ආරාධනා කරන බවත් පිංකම සාර්ථක කරගැනීමට සැමගේම උපකාරය බලාපොරොත්තු වන බවත් ඉතාම මෙත් සිතින් සිහිපත් කරන බවත් ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත පැවසූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...