යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය හා තවත් සිවිල් සංවිධාන කිහිපයක් යාපනයේ ජනතාව හා එක්ව, අන්තවාදී දෙමළ දේශපාලකයන්ගේ දැඩි විරෝධයට ලක්ව ඇති යාපනය කන්කසන්තුරය තිස්ස බෞද්ධ විහාරය රැකගැනීම උදෙසා වූ පාගමනක් සංවිධානය කළ පුවතක් වාර්තා වේ.
තිස්ස විහාරයට පාගමනින් ගොස් ආගමික වතාවත්වල නිරත වූ යාපනයේ ජනතාව මෙහිදී අන්තවාදී දෙමළ දේශපාලකයන්ට දැඩි විරෝධයක් දක්වා ඇති අතර, මෙම පාලමන සැලසුම් කළ යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථ මහතා මෙහිදී පැවසුවේ යාපනයේ දමිළ ජනතාව කිසි ලෙසකින්වත් ආගමික සංහිඳියාවට එරෙහි පිරිසක් නොවන බවයි.
එමෙන්ම යාපනයේ සිවිල් ජනතාවට මුවාවී ආගමික සංහිඳියාවට එරෙහිව කටයුතු කරන්නේ එක්තරා දේශපාලන පක්ෂයක නියෝජිතයන් පිරිසක් බවයි ඔහු මෙහිදී හෙළිකළේ.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...