මේ වසරේ මුල් මාස හතරේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට එවූ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ඉක්මවා ඇතැයි කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පවසයි.
මේ වසරේ පළමු මාස හතර තුළදී විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් මිලියන 1867.2 ක් මෙරටට එවා ඇති අතර අප්‍රේල් මාසයේ පමණක් ඩොලර් මිලියන 454 ක් එවා තිබේ. එය පසුගිය වසරේ අප්‍රේල් මාසය සමග සන්සන්දනය කර බලන විට සියයට 82.4 ක ඉහළ යෑමක් බවද ඇමැතිවරයා සඳහන් කරයි.
මේ වසරේ ජනවාරි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් ඩොලර් මිලියන 427.5 ක මුදලක් එවා තිබෙන අතර එය සියයට 68.8 ක වර්ධනයකි. පෙබරවාරි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් එවූ ඩොලර් මිලියන 407.4 පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව සියයට 98.6 ක වර්ධනයකි.
පසුගිය මාර්තු මාසයේදී විදේශගත ශ්‍රමිකයන් ඩොලර් මිලියන 568.3 ක මුදලක් එවා ඇති බවත්, එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 78.5 ක වර්ධනයක් බවද ඇමැති මනූෂ නානායක්කාර මහතා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...