අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසන්නේ මහා සංඝරත්නයේ උපදෙස් පරිදි සංඝාධිකරණ පනත නව සංශෝධන සහිතව බලාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.
මේ වන විට කෙටුම්පත් කර ඇති එම පනත සංශෝධන සහිතව බලාත්මක කිරීම හරහා ශාසනික කටයුතු පිළිබඳව මතුවන ගැටලු විසඳා ගැනීමට හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මේ පිළිබඳව වැඩුදරටත් අදහස් දැක්වීය.
“සාසනික කටයුතු පිළිබඳ මතුවන ගැටලු විසඳීම සඳහා සංඝාධිකරණයක් අවශ්‍ය වුණොත් එවැනි සංඝාධිකරණ නිර්මාණය කරගැනීම සඳහා පාර්ලිමේන්තුවට බලය දෙන බවට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරපු සම්පාදකයෝ ප්‍රතිපාදන හදලා තියෙනවා. ඒ ප්‍රතිපාදනවලට අනුකූලව අපි කෙටුම්පත් කරපු සංඝාධිකරණ පනත අවශ්‍ය නම් තවත් වැඩිදියුණු කිරීම් සහිතව ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසර දෙනවා නම් කෙටි කාලයකින් සාසනයේ ගෞරවය වඩාත් සුරක්ෂිත වෙන ලෙස ආරක්ෂා කරගනිමින් ඒ කටයුතු කරන්න අවශ්‍ය නීතිය සම්පාදනය කිරීමේ හැකියාව අපට තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ කටයුත්ත සාර්ථකව ඉටුකරන්න.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...