ප‍්‍රධාන පුවත්

තමාට යළිත් ආණ්ඩුවේ ඇමැති ධූරයක් ලබා ගන්නැයි ඉල්ලීම් ගණනාවක් ලැබී ඇති බව හිටපු අමාත්‍ය, එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

තමාට ඇමැතිධූරයක් ලබාදීමට ආණ්ඩුව තුළ කටයුතු සිදු කර තිබූ බවත් නමුත් තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිමින් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කළ බවත් දයාසිරි ජයසේකර මහතා ඒෂියන් මිරර් වෙත අදහස් දක්වම්න් පවසා ඇත.

තමා ඒකාබද්ධ විපක්ෂය කිසිවිටෙක නියෝජනය නොකළ බවත් එම කණ්ඩායම සමඟ තමාට වැඩ කළ හැක්කේ ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරයෙකු ලෙස වුවද ඔවුන් 16 කණ්ඩායමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) සාමාජිකත්වය ලබා ගන්නැයි ඉල්ලීම් කළ බවත් තමන් කිසිවිටෙක ශ්‍රීලනිපය හැර වෙනත් පක්ෂයක සමාජිකත්වය ලබා නොගන්නා බවත් හෙතෙම අවධාරණය කර ඇත.

තමා කවදාවත් දේශපාලනය තුල පුද්ගලයෙකු ලඟට ගොස් කටයුතු නොකළ බවත් මහින්දද? මෛත්‍රීදද? යන්න තමාට අදාල නැති බවත් තමන් තවමත් කටයුතු කරන්නේ ශ්‍රීලනිපයේ සාමාජිකයෙකු ලෙස බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා ශ්‍රීලනිපයේ සිටින ගමන් ඒකාබද්ධයේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කළ හැකි බවත් පක්ෂයේ භාගයක් ඉන්නේ හවුල් ආණ්ඩුවත් සමඟ බැවින් ඔවුන් ආණ්ඩුවෙන් එළියට ගෙන පොහොට්ටුවට හේත්තු නොවී පුළුල් සන්ධානයක් ගොඩ ගැනීම අරමුණ බවද ඔහු පවසයි.

ශ්‍රීලනිපයේ මහ ලේකම් ධූරය ලබා ගැනීමට පක්ෂය තුළ සහයක් හිමිවේද? යන්න අප කළ විමසීමකදී මන්ත්‍රීවරයා සඳහන් කළේ පක්ෂය තුළ කල්ලි කණ්ඩායම් බෙදීම් නොමැති බවත් පක්ෂයේ තීරණය මත ඒකමතිකව මහ ලේකම් ධූරය තමාට හිමිවුවහොත් පක්ෂය වෙනුවෙන් වැඩ කටයුතු කරන බවත්ය.

ජනාධිපතිවරයා ගන්නා තීන්දු තීරණවලට අගමැතිවරයා සහ මුදල් ඇමැතිවරයා බාධා කරන බවට පසුගියදා එස්.බී දිසානායක හිටපු ඇමතිවරයා කළ ප්‍රකාශය ගැන විමසූවිට මන්ත්‍රීවරයා පැවසූවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුව හරි මාර්ගයට ගැනීමට උත්සාහයක් ගත් බවත් නමුත් අර්බුදයක් හදාගෙන ආණ්ඩුව ඉදිරියට යාමට සිදුවී ඇති බවත්ය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ඡන්දය දුන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට බැවින් මේවන විට පළාත් පාලන ආයතන අක්‍රීය වී ඇති බවත් එනිසා සම්පූර්ණයෙන් පළාත් පාලන ආයතන පරිපාලනය කඩා වැටී ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
පසුගිය මැතිවරණයේදී දුන් ඡන්දය පිළිබඳ ජනතාව දැන් තේරුම් අරන් සිටින බවත් තම ඡන්ද බලප්‍රදේශය තුල ශ්‍රීලනිපයේ ප්‍රතිසංවිධාන කටයුතු සාර්ථකව සිදුකරමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More