දේශීය පුවත්

යාපනයේ දී දෙමළ ජාතික සන්ධානයේ (TNA) දේශපාලනඥයින් විසින් පවත්වන ලද සාකච්ඡාවක් අතරතුර ඊයේ(13) දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් අයෙකු තුවාල ලබා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව වාර්තා වේ.

පක්ෂ නායකයින් කීප දෙනෙකු ජනාධිපතිවරයා හමු වී කළ සාකච්ඡාවේ තොරතුරු සම්බන්ධයෙන් හා තවත් කාරණා කීපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එම රැස්වීම යාපනයේ මාර්ටින් පාරේ පිහිටි දෙමළ ජාතික සන්ධාන මුලස්ථානයේදී සංවිධානය කොට තිබුණු බවයි වාර්තා වන්නේ.

කෙසේ වුවද මෙම සාකච්ඡාව අතරවාරයේ පැන නැගුණු ප්‍රශ්නයක් නිසා දෙපිරිසක් අතර වචන හුවමාරුවක් සිදුව ඇති අතර ඒ අවස්ථාවේදී යාපනය මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයෙකු වූ ආනෝල්ඩ් නමැත්තා විසින් දෙමළ ජාතික සන්ධානයේම ක්‍රියාකාරී දේශපාලනඥයෙකු වූ ශිව සේනා සංවිධානයේ නායක එස්.චෙයමාරන් නැමැත්තාට පහර දී තිබේ.

පහර කෑමෙන් පසුව තුවාල ලැබු ඔහු රෝහල් ගත වී ඇති අතර ඒ සම්බන්ධයෙන් යාපනය පොලීසියටද පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති බව පැවසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More