දේශීය පුවත්

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ මිනුවන්ගොඩ පිහිටි නිවසකට කඩා වැදුණු නාදුනන පුද්ගලයින් තිදෙනෙකු විසින් එම බන්ධනාගාර නියාමකවරයාව දණගස්වා පහරදීමේ සිද්ධියක් වාර්තා වෙයි.

අදාළ නිලධාරියා බන්ධනාගාරය තුළ සිදුවන හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ අයෙක් බවත්, ඒ හේතුවෙන් බන්ධනාගාරය තුළ සිටින රැඳවියෙකුගේ උපදෙස් මත මෙය සිදුවී ඇති බවටත් පොලීසිය සැක පළ කරයි.

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ විනය අංශයේ තරුණ නියාමකවරයෙකු වන සංඛ කුසල් මාරසිංහ නම් නිලධාරියාගේ මිනුවන්ගොඩ පිහිටි නිවසට ඊයේ අළුයම 4ට පමණ එම සැකකරුවන් තිදෙනා යතුරුපැදියකින් පැමිණ ඇති බව වාර්තා වෙයි.

පැමිණි තිදෙනාගෙන් අයෙක් මෙම පහරදීම ජංගම දුරකථනයකින් වීඩියෝ කර තිබෙන අතර පසුව ගිනි අවියෙන් බන්ධනාගාර නිලධාරියාගේ හිසට පහරදී ඔවුන් පළාගොස් ඇති බව සඳහන්ය.

අනතුරුව එම නිලධාරියා සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර මිනුවන්ගොඩ රෝහලට ඇතුළුවී ඇත.

පසුව ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඊයේ (13) දහවල් මාරුකර යවා තිබේ.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති අතර රාජ්‍ය බුද්ධි අංශය ද මේ පිළිබඳව විමර්ශනයක් සිදුකරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More