දේශීය පුවත්

පසුගිය දිනවල යාපනය තිස්ස රජමහා විහාරයේ ඉදිකිරීම් වලට එරෙහිව එක්තරා දෙමළ දේශපාලන පක්ෂයක් විරෝධතාවයක් දියත් කිරීම හරහා යාපනයේ ආගමික සංහිඳියාව විනාශ කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වූ බවත්, දෙමළ ජනමාධ්‍ය පවා මෙම සිදුවීම සම්බන්ධයෙන් පුවත් මවා තිබුනේ සත්‍යය වසන් කරමින් බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථ මහතා පවසයි.

තිස්ස විහාරය යාපනයේ පුරාවිද්‍යාත්මක වස්තුවක් බවත්, ඈත අතීතයේ සිටම මෙම ප්‍රදේශයේ ජනතාව අතර ආගමික සංහිඳියාව සුරක්ෂිතව පැවති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

එහෙත් ඇතැම් දෙමළ දේශපාලකයන් විසින් අද වන විට මෙම සංහිඳියාව නැති කිරීමට කටයුතු කරමින් සිටින්නේ දේශපාලන අරමුණකට අනුව බවද, කිසිසේත්ම යාපනයේ ජීවත්වන සාමාන්‍ය දෙමළ ජනතාව මෙම ක්‍රියාවන්ට සම්බන්ධ නොමැති බවද අරුන් සිද්ධාර්ථ මහතා වැඩිදුරටත් පවසයි.

වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More