මධ්‍යම – නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “මෝඛා” සුළි කුණාටුව පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (14) උදෑසන 11.30ට නිකුත් කර ඇති එම නිවේදනය ඉදිරි පැය 24 පුරා වලංගු වේ.
ඒ අනුව එම සුළි කුණාටුව අද උදෑසන 5.30 වනවිට 18.7N සහ 91.5E ආසන්නයේ කේන්ද්‍ර ගතව පැවැති බවත්, එම පද්ධතිය උතුරට බරව ඊසාන දෙසට ගමන් කරමින් අද දහවල් පමණ ගිනිකොණදිග බංග්ලාදේශය හා උතුරු මියන්මාර වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති බවත් එමගින් දක්වා තිබේ.
ඉදිරි පැය 24 තුළ එම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුරු අක්ෂාංශ 10ත් – 23ත් අතර සහ නැගෙනහිර දේශාංශ 86 සහ 100ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 180 – 190 පමණ වන අතර විටින් විට පැ.කි.මී 210ක් පමණ විය හැකි බවත් සඳහන්ය.
මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 10ත් – 23ත් අතර සහ නැගෙනහිර දේශාංශ 86 සහ 100ත් අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම්දෙනු ලැබේ.
දැනට මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදෙන පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දැනුම් දී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...