එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් වන්දි ඉල්ලා පැවරිය යුතු නඩුව ගොනු කිරීමට අද සිට (14 දා) තවත් ඉතිරිව ඇත්තේ දින 07 ක කාලයක් පමණකි.
2021 මැයි 20 වැනිදා පටන් නෞකාව ගිනි ගෙන විනාශයට පත් වූ අතර කරන ලද සමීක්‍ෂණවලින් පසු ඩොලර් මිලියන 6.4 ක් වන්දි වශයෙන් අදාළ සිංගප්පූරු රක්‍ෂණ සමාගමෙන් අයකර ගත යුතු බවට මේ පිළිබඳව සොයා බැලීමට පත්කරන ලද කමිටුව මගින් නිර්දේශ කර ඇත.
පරිසර යුක්ති කේන්ද්‍රයේ ප්‍රකාශකයෙක් පවසන්නේ ශ්‍රී ලංකාවේ වන්දි නීතියට අනුව වසර 2 ක් තුළ වන්දි නඩුවක් ගොනුකළ යුතුව ඇති නමුත් ශ්‍රී ලංකා රජය මේ දක්වා වන්දි නඩුව ගොනු කර නැති බවයි.
ශ්‍රී ලංකාවේදී මෙම නඩුව ගොනු කිරීම වඩාත් ප්‍රතිඵලදායක විය හැකිව තිබූ නමුත්, අදාළ නඩුව සිංගප්පූරුවේ දී ගොනු කිරීමට ගත් තීන්දුව වැරදි බවත්, සිංගප්පූවේ දී නඩුව ගොනු කරන්නට ඉල්ලා සිටිය ද එය කල්ගොස් ඇති බවට දැන ගන්නට ඇති බවත් ඔහු පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...