දේශීය පුවත්

MV Xpress Pearl නෞකා අනතුරින් සිදුවූ බරපතලම විනාශය සිදුවූයේ ප්ලාස්ටික් කැට (plastic pellets ) මගිනි. එය ලොව විශාලතම plastic pellets දූෂණයයි. මේවා සාගර හා වෙරල පරිසරයන් දීර්ඝ කාලයක් ක්ෂුද්‍ර සහ නැනෝ ප්ලාස්ටික් (micro and nano plastic )ලෙසට පැවතිය හැකි අතර පරිසරයට මෙන්ම සෞඛ්‍යාරක්ෂාවට බරපතල තර්ජනයක් විය හැක. නැවතත් එවැනි අනතුරක් සිදු නොවීම පිණිස එවකට සමුද්‍රීය පරිසර ආරක්ෂන අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුර විසින් ජාත්‍යන්තර සාගර සංවිධානයේ (International Maritime Organization) සමුද්‍ර පරිසර ආරක්ෂණ කමිටුවට ((marine Environment Protection Committee) යෝජනාවක් ඉදිරිපත් කරන ලදි. එම යෝජනාවට අනුව ප්ලස්ටිc නුර්ඩ්ලෙස් අධි දූෂකයක් ලෙසට සලකා ඒවා නැව් ගත කිරීමේදී මෙන්ම, පැටවීමේදී, බෑමේදී, ප්‍රවාහනය කිරීමේදී, ඇසිරීමේදී ආදී සෑම පියවරක් සදහාම විශේෂ නීති හදුන්වා දෙන ලෙසට කරන ඉල්ලීමක් කරන ලද අතර ඒ පිලිබදව වැඩිදුර සලකා බැලීමට දූෂණ වැලැක්වීමේ ප්‍රතිචාර ( pollution prevention response ) අනු කමිටුවට යොමු කරන ලදි. මේ යෝජනාව 2021 නොවැම්බර් මස ඉදිරිපත් කරන ලද අතර 2022 ජනවාරි මස එංගලන්ත පාර්ලිමේන්තුවේදීද (House of lords) සාකච්ඡා විය. මෙම යෝජනාවට සියලු අංශ වල යහපත් ප්‍රතිචාර ලැබී මේ වන විට නීති රීති සැකසීම සදහා විකල්ප තුනක් යෝජනා වී ඇති අතර එම යෝජනා මේ මස 24 සිට 28 දක්වා පැවැත්වෙන දූෂණ වැලැක්වීමේ ප්‍රතිචාර කමිටුවේදී( pollution prevention response Committee) දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

එම සාකච්ඡාවට  සමගාමීව පිරිසුදු සාගර ඒකාබද්ධ පාලක මණ්ඩලය ( clean seas coalition )විසින් සංවිධානය කර ඇති දැනුවත් කිරීමේ වැඩසටහනට දේශකයෙකු ලෙසට සහභාගී වීමට  සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරියේ හිටපු සභාපතිනිය අද ලන්ඩන් නුවර බලා පිටත් වන බව වාර්තාවේ. ඇය විසින් ඉදිරිපත් කරන ලද විකල්ප තුන නම් නම්,
1. එක්සත් ජාතින්ගේ සංවිධානය මේ සඳහා වෙනම කේතයක් හදුන්වාදීම)(introduce a separate UN code )
2. ප්ලාස්ටික් කැට අන්තරායකර ද්‍රව්‍ය ලැයිස්තුවට එකතු කිරීම (Include plastic nurdles into IMDG code )
3. මාර්පෝල් සම්මුතියේ මේ වන විට ඇති ඇමිණුම් 6ට අමතරව තවත් ඇමිණුමක් ඉදිරිපත් කිරීම(Introduce a
separate annexation to Mar pol convention) යන යෝජනාවන්වේ.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More